නොම්බර එකේ අලියා ලෙස පෙනී සිටි කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරයට පත්කර ඇත.
මෙම අමාත්‍යංශය සිරිසේන ජනාධිපති යටතේ තිබෙන අතර ඒ අනුව ජනාධිපති විසින් මෙම තනතුර ලබාදී තිබේ.
වාර්තා වන ආකාරයට ඉදිරි වසර 3ක කාලයක් සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.
මීට මාසයකට පමණ පෙර මාධ්‍ය වාර්තා පළවුයේ මුසම්මිල් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙමින් ඊට එක්ව ඇති බවය. එසේම මේ වන විට ලැබෙන දේශපාලන ආරංචිමාර්ග වල සඳහන් වන්නේ මුසම්මිල් මහතා මේ වන විට ජනාධිපතිවරයා සමඟ දේශපාලන හිතවත්කමක් ඇතිකර ගෙන ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
