ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ (10) පෙරවරුවේ එම ධුරයේ රාජකාරී ඇරඹීය.
ඒ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ යි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති සිරිසේන ද එම අවස්ථාවට එක්වෙමින් නව මහලේකම්වරයා වෙත සිය සුබපැතුම් පිළිගැන්වීය.
දයාසිරි ජයසේකර මහතා වෙත අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපති අතින් සිදු විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
