අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් දිවුරයි !

අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අදත් දිවුරයි !

නව කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ජනාධිපති සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී මෙම අමාත්‍යවරුන් දිවුරුම් දී ඇත.

ඒ අනුව රවින්ද්‍ර සමරවීර මන්ත්‍රීවරයා කම්කරු හා වෘත්තිය සමිති සබදතා කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ දිවුරුම් දි ඇති අතර වී. රාධක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

තවද අබ්දුල්ලා මහරුෆ් මහතා වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දී ඇත.

මීට අමතරව දයා ගමගේ අමාත්‍යවරයාට හිමිව තිබූ අමාත්‍ය ධුරයේ සංශෝධනයක් සිදුව ඇති අතර එහිදී ඔහුට මීට පෙර අයත්ව තිබූ කම්කරු හා වෘත්තිය සමිති සබදතා විෂය ඉවත් කර ඇති අතර ඔහුගේ නව අමාත්‍ය ධුරය වන්නේ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යධුරයයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න