මීළඟ ජනාධිපති රාජපක්ෂවරයෙක් විය යුතුයි : නැත්නම් සිරිසේනගේ ජීවිතය අනතුරේ - රොෂාන්

මීළඟ ජනාධිපති රාජපක්ෂවරයෙක් විය යුතුයි : නැත්නම් සිරිසේනගේ ජීවිතය අනතුරේ - රොෂාන්

මීළඟ ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා ගේ ජීවිතය රැකෙන්නේ එම ජනාධිපතිවරණයට රාජපක්ෂවරයකු තරග කර ජනාධිපති වුවහොත් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර එළඹෙන ජනාධිපතිවරනයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු ජයග්‍රහණය කළහොත් ජනාධිපති සිරිසේනගේ ජීවිතයට අවධානමක් ඇති බවද ඔහු පැවසීය.

එසේම එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 47% ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවද නොඑසේනම් 14% ක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ ද තීරණය ගැනීම ඉතා පහසු බව ද ඔහු කියා සිටියේය.

කෙසේ වුවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන බවට එම පාර්ශවය වෙතින් දිගින් දිගටම සිදුකරන ප්‍රකාශ හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ දැඩි විරෝධයක් මතුව ඇති බවය.

එසේම පොහොට්ටුව ඊළඟ මැතිවරණයක් සඳහා ජන්ද ලකුණ ලෙස යොදා නොගන්නා බවට මෙන්ම පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමක් සිදුනොවන බවත් ඒ වෙනුවට නව සන්ධානයක් ගොඩනගන බවට ජනාධිපති සිරිසේන පාර්ශවයෙන් සිදුකරන ප්‍රකාශ සම්බන්ධවද විරෝධයක් ඇති බව එම ආරංචිමාර්ග පවසයි.

මේ සම්බන්ධව පසුගියදා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කාංචන විජේසේකරද සිය මුහුණු පොතේ සටහනක් තබා තිබිණ.

පහත දැක්වෙන්නේ එම සටහනය.

Capturea

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න