ටිල්වින්ට රුපියල් මිලියන 10 ගෙවන්න : විමල්ට අධිකරණ නියෝගයක් !

ටිල්වින්ට රුපියල් මිලියන 10 ගෙවන්න : විමල්ට අධිකරණ නියෝගයක් !

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට නියෝග කර ඇත.

කොළඹ වාණිජ මහාධිකරණය විසින් මේ නියෝගය නිකුත්කලේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් ඔහුගේ නමින් ප්‍රකාශයට පත් කළ “නැත්ත වෙනුවට ඇත්ත” යන ග්‍රන්ථය මගින් බුද්ධිමය දේපළ පනත යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ටිල්වින් සිල්වා මහතා ගොනු කර තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින්ය.

විමල් වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී තමා විසින් පක්ෂ විධායක මණ්ඩලයට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කර විමල් වීරවංශ මහතා ‘නැත්ත වෙනුවට ඇත්ත‘ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇති බව ටිල්වින් සිල්වා මහ ලේකම්වරයා අධිකරණයට ප්‍රකාශ කර තිබුණි.

දීර්ඝ කාලයක් මෙම නඩුව විභාගය කළ කොළඹ වාණිජ මහාධිකරණය අද එහි තීන්දුව ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ බුද්ධිමය දේපල පනත යටතේ “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයේ සැබෑ අයිතිය හිමිවිය යුත්තේ විමල් වීරවංශ මහතාට නොව ටිල්වින් සිල්වාට බවයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න