නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කමිටු වාර්තා 05ක් පාර්ලිමේන්තුවට !

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කමිටු වාර්තා 05ක් පාර්ලිමේන්තුවට !

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා පහක් ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද (11) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී වාර්තා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන්කර සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා නොදෙන බවත් බුදුදහමට ඇති ප්‍රමුඛතාව හා රටේ ඒකීය භාවය වෙනස් කිරීමට නව ව්‍යවස්ථාවකින් කටයුතු නොකරන බවයි.

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව පැවති විවාදයේ දී අදහස් දැක්වූ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට වත්මන් පාර්ලිමේන්තුවට සුජාත භාවයක් නොමැති බවයි.

පළාත් පාලන මැතිවරණයේ තීන්දුව අනුව වත්මන් රජයට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය. වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනා ඉදිරිපත් කර ජනතාවගේ බලයක් ලබාගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

විවාදයේදී දැක්වූ හිටපු විපක්ෂනාය ආර්. සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාංවක් යනු දිගුකාලීන අවශ්‍යතාවක් බවයි.

පසුව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජනා සම්බන්ධයෙන් විද්වත් කමිටු තුළඳ එකඟතාවක් නොමැති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න