සිරිසේනට එරෙහිව පොහොට්ටුවේ කැරැල්ලක් : මෙවර කාංචන විජේසේකර !

සිරිසේනට එරෙහිව පොහොට්ටුවේ කැරැල්ලක් : මෙවර කාංචන විජේසේකර !

2015 වසරේ පැවැති ජනපතිවරණයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අය පසුව විපක්ෂයේ අපේක්ෂකයා ලෙසට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පවසයි.

අද (11) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර ජනපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ලෙස තෝරා ගැනීමේදී රටේ බහුතර ජනතාව නියෝජනය කරන මතය සැලකිල්ලට ගත යුතු බවත් පැවසීය.

“මීළඟ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන පෙරමුණේ සහායෙන් පත්විය යුතු බව මහින්ද සමරසිංහ ප්‍රකාශයක් කළා. කල්පනා කරලා බැලුවම විවිධ අදහස් තියෙන්න පුලුවන්පොලොවේ යථාර්තයක් එක්ක ඒ යෝජනා ගැන සිතිය යුතුයි.

මහින්ද රාජපක්ෂ මහතායි මේ රටේ මිනිස්සු ඉල්ලන නායකයා. මේ රටේ බහුතර ජනතාව නියෝජනය කරන මතය අපෙක්ෂකයා තෝරා ගැනීමේදි සැලකිල්ලට ගත යුතු බවයි අපි විශ්වාස කරන්නේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විදියට 2015 ජනවාරි 08 වැනිදා මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කරපු අයම විපක්ෂයේ අපේක්ෂකයා වුණා. ඒ නිසා මේ නම් යෝජනා කරන අය ඊළගට විපක්ෂයේ බලකණු වෙන්න පුලුවන් කියන සැකය අපිට තියෙනවා.

පොදුජන පෙරමුණයි එජාප විරෝධී සටනේ ප‍්‍රධාන පක්ෂය විදියට කටයුතු කළේ. ඒ පක්ෂයේ මතය තරුණයින්ගේ මතය නියෝජනය විය යුතුයි. ඒ නිසා අපි අපේ පක්ෂයේ නායකයින්ටත් අනතුරු අඟවනවා. එහෙම නොවුණොත් ඡන්ද පෙටිටයේ ඡන්ද ගණන් කරද්දි එක දෙක අතර කරට කර ඡන්දයක් තියෙයි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න