පක්ෂග්‍රාහී මාධ්‍ය ආයතනවලට සිවිල් සංවිධානවලින් විරෝධයක්

පක්ෂග්‍රාහී මාධ්‍ය ආයතනවලට සිවිල් සංවිධානවලින් විරෝධයක්

පක්ෂග්‍රාහී ලෙස මාධ්‍යකරණයේ නියුතු මාධ්‍ය ආයතනවලට විරෝධය පළ කිරීමේ විරෝධතාවයක් ඊයේ (10) කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදී පැවැත්විණි.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන්, දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටි අතර ඔවුන් කලු ඇඳුමින් සැරසී විරෝධතාව පැවැත්වීය.

ඔවුන් අදාළ විරෝධතාව පවත්වනු ලැබුවේ එක් එක් මාධ්‍ය වෙත සිය අදහස් ඇතුළත් ලිපියක් සමඟ ඉල්ලීමක්ද කරමිණි. සිරස හා මවුබිම ආයතනවලට ආදළ ලිපි බාර දීමට ගිය අවස්ථාවවලදී ඔවුන් අවම සදාචාරය ලෙස අදාළ ලිපි බාර ගැනීම නොකොට ඔවුන් සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කර තිබිණි.

විරෝධතාවයේදී අදහස් දැක්වූවන් ප්‍රකාශ කළේ බොහෝ මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් සිටින බවත්, මහ ජනතාවට අයත් රූපවාහිනී සහ ගුවන් විදුලි සංඛ්‍යාත භාවිතා කරමින් බොහෝ මාධ්‍ය ආයතන මාධ්‍ය අවභාවිතා කරන බවත් ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු මාධ්‍ය දේශපාලනඥයන් වෙනුවෙන් සහ මාධ්‍ය හිමිකරුවන් වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් විරෝධතාකරුවන් අවධාරණය කළේය.

බොහෝ මාධ්‍ය තමන් අංක එක බව පවසමින්, අංක එක බවට පත්වීමට මාධ්‍යකරණයේ නාමයෙන් ඕනෑම ජඩ වැඩක්, ඕනෑම නින්දි ක්‍රියාවක් සිදු කරන බවත්, එවැනි මාධ්‍ය ආයතනවලට එරෙහිව සිය විරෝධය අඛණ්ඩව විරෝධතා සිදු කරන බවත් විරෝධතාවය අතර අදහස් දැක්වූවෝ ප්‍රකාශ කළහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න