එළැඹෙන ජනාධිපතිවරණයක් සදහා ඉදිරිපත්වීමට තිබූ සියලු බාධාවන් ඉවත්කර ගැනීමට තමන් කටයුතු කරගත් බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට පසුගියදා පැවති "වියත් මග" වාර්ෂික සමුළුවේදී ඔහු මේබව පවසා ඇත.
සති කිහිපයක් විදේශගතව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මෙරටට පැමිණි වහාම මේ වාර්ෂික සමුළුව සංවිධාන කර තිබූ අතර එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ බාධාවන් ඉවත්කර ගැනීම සම්බන්ධව තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණගැසී දන්වා ආශීර්වාද ලබාගත් බවය.
එසේම ඉදිරියේ දී ඔහුගේ ආශීර්වාදය ලැබෙනවා නම් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බවද පවසා ඇතැයි වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
