Language Switcher

V2025

මාධ්‍ය එක්ක කෙලගන්නෙ ඇයි ? උවිඳු, අගමැතිගෙන් අසයි !

මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් විශාල වැඩකොටසක් ඉටුකර ඇති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දැන් 'මාධ්‍ය එක්ක කෙලගන්න යන්නෙ' ඇයි දැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විමසයි.

කළු මාධ්‍ය සම්බන්ධයෙන් වන කතිකාවට එක්වෙමින් 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ උවිඳු කුරුකුලසූරිය මහතා සිය FB පිටුවේ සටහනක් තබමින් එම විමසීම සිදුකර ඇත.

uvidu ranil 1000px
''රනිල්ට අගමැති හැටියට මාධ්‍ය නිදහස ගැන කැක්කුමක් තියෙනව නම්, ලේක් හවුස්, ගුවන් විදුලිය, අයිටීඑන්, රූපවාහිනී කියන ආයතන සැබෑ මහජන සේවා ආයතන බවට පත්කරන්නත් ඕනෙ ඊට සමගාමීව. ඒකට කොමිෂන් ඕනේ නැහැ, දැනටම නිර්දේශ තියෙනව''

එම සටහන පහත පළවේ.

රනිල් වික්‍රමසිංහ වෙත,

2001දී බලයට ආපු රනිල් මාධ්‍ය ගැන දුන්න පොරොන්දුවලින් සෑහෙන කොටසක් ඉටුකරා. සාපරාධී අපහාස නීතිය අහෝසි කරා, ආණ්ඩුවේන් නඩු අහන පුවත් පත් මණ්ඩලය අහෝසි කරා, මහජනයාට තොරතුරු දැන ගැනීමට අයිතිය දෙන පණතත් කැබිනට් එකේ සම්මත කරා. අවාසානාවකට ඒක තර්කාණුකූල අවසානයකට ගෙනියන්න බැරි උනා චන්ද්‍රිකා කැත විදියට ආණ්ඩුව විසිරවපු නිසා.

දැන් ආයෙත් බලයට ඇවිත් තොරතුරු දැන ගැනීමේ අයිතිය 19 වෙනි සංශෝධනයෙන් මූලික අයිතිවාසිකමක් බවටත් පත්කරල, ඊට පස්සෙ ඒ ගැන ලෝකෙ හොඳම පණත් කෙටුම්පතකුත් සම්මත කරන්න වැඩ කරා.

මට තේරෙන්නෙ නැහැ මොකටද මේ මාධ්‍ය එක්ක කෙලගන්න යන්නෙ කියල. ඔය එක මාධ්‍යයක්වත් නැතිව තමා ඔක්තෝබර් කුමන්ත්‍රණය පරාජය කරේ.

කරන්න ඕනෙ කෙල ගන්න යන එකවත්, තර්ජනාත්මක කතා කියන එකවත් නෙමෙයි, පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන්න මේ මාධ්‍යවල හැසිරීම, ප්‍රාග්ධනය, අචාර ධර්ම විරෝධී හැසිරීම ගැන හොයල නිර්දේශ ඉදිරිපත් කරන්න කියල. ඕනෙ නම් ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරන් දාල කොමිසමක් දාන්නත් පුලුවන්.

ඊට අමතරව පුරවැසියන්ට වෙනම මහජන කොමිසමක් දාල රටපුරා ගිහින් වාඩිවේලා මහජන අදහස් විමසල වෙනම වාර්තාවක් දෙන්න පුලුවන්. ඒක අර පෙරේද සටන්කාමී කණ්ඩයමට කරන්න පුලුවන් දෙයක්. ඒකට යන වියදම් මහජනයගෙන් එකතුකර ගන්නත් පුලුවන් - පිලිගත හැකි පුද්ගලයො දාල - ප්‍රසිද්ධ ඉල්ලීමක් කරා නම්. ඔන්ලයින් එකතු කරන්න පුලුවන්, කැට හොල්ලන්න පුලුවන්, හැබැයි වියදම් වාර්තා ප්‍රසිද්ධ කරන්න ඕනෙ.

මොනව හරි කරන්න ඕනෙ. මේක හැමෝගෙම වැඩක් කර ගන්න ඕනේ. ඒත් රනිල්ට අගමැති හැටියට මාධ්‍ය නිදහස ගැන කැක්කුමක් තියෙනව නම්, ලේක් හවුස්, ගුවන් විදුලිය, අයිටීඑන්, රූපවාහිනී කියන ආයතන සැබෑ මහජන සේවා ආයතන බවට පත්කරන්නත් ඕනෙ ඊට සමගාමීව. ඒකට කොමිෂන් ඕනේ නැහැ, දැනටම නිර්දේශ තියෙනව !