හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අවුරුදු 9කට පසු කරලියට !

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අවුරුදු 9කට පසු කරලියට !

2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ, තවමත් සොයමින් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සමග වීඩියෝ ඇමතුමක නිරත වන ඡායාරූපයක් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ පළ කොට ඇත.

කුරුකුලසූරිය සිය සමාජ මාධ්‍යයේ එය පළ කරමින් කියා සිටියේ අර්ජුන් මහේන්ද්‍රන් සිය හිතවතකු බවත්, වසර තුනකට ආසන්න කාලයකට පසු තමා හා සම්බන්ධ වූ බවත්ය.

ඔහු කියා සිටියේ මහේන්ද්‍රන් කරුණු කිහිපයක් ගැන කතා කළ බවත් ජනාධිපති අනුර දිසානායකට යම් උපදෙසක් ලබා දෙන ලෙස තමාගෙන් ඉල්ලා සිටි බවත්ය.

තමන් එය ප්‍රතික්ෂේප කළ බවත්, සාකච්ඡාවට “බොහෝ කතා” ඇතුළත් වූ බවත්, වසර 30 කට ආසන්න කාලයක් මහේන්ද්‍රන් හඳුනන බවත් උවිදු සදහන් කොට ඇත.

දැනට සිංගප්පූරුවේ පදිංචිව සිටින මහේන්ද්‍රන්ට රජයට විශාල මූල්‍ය පාඩු සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති මතභේදාත්මක බැඳුම්කර නිකුතුවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබේ.

 

Screenshot 2025 10 18 135122

566213368 10163016637024818 3150254653614700399 n

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න