සිරිසේන වතු ජනතාවට පිටුපෑවා - ද්‍රවිඩ ප්‍රගතිශිලී පෙරෙමුණේ චෝදනාවක් !

සිරිසේන වතු ජනතාවට පිටුපෑවා - ද්‍රවිඩ ප්‍රගතිශිලී පෙරෙමුණේ චෝදනාවක් !

වතු ජනතාවගේ ඡන්දයෙන් පැමිණි වර්තමාන ජනාධිපති සිරිසේන වතුජනතාවගේ ප්‍රශ්න විසදීමට මෙතෙක් කටයුතු නොකළ බව ද්‍රවිඩ ප්‍රගතිශිලී පෙරෙමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් චෝදනා කරයි.

එබැවින් ජනාධිපති සිරිසේනගේ ධුරකාලය අවසන්වීමට ඇති ඉතිරි මාස 09 ක කාලය තුළදී හෝ වතුජනතාවගේ ප්‍රශ්න විසදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පවසයි.

වතුජනතාවගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අවධානය යොමුනොකළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසු මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ වතු ජනතාවගේ ඡන්දයෙන් . එහෙම උනත් එතුමා මේ වසර හතර තුළ වතුජනතාව වෙනුවෙන් වැඩ කළේ නැහැ. වතුජනතාවගේ වැටුප් ප්‍රශ්නය විසදන්න මැදිහත්වුණෙත් නැහැ. ඒවගේම රජය ගන්නා තීන්දු වතු සමාගම්වලත් ක්‍රියාත්මක කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද ඇතැම්වෙලාවට රජය ගන්නා තීන්දු රජයේ වතුසමාගම්වල ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒවනිසා සිරිසේන ජනාධිපතිතුමාගේ ඉදිරි මාස නවයක නිල කාලය තුලවත් වතුජනතාව වෙනුවෙන් කටයුතු කරන්න ඔවුන්ට සාධාරණය ඉටුකරන්න කියලා මම ඉල්ලා සිටිනවා. යැයි මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න