ජනාධිපති අපේක්ෂකයා ගැන ශ්‍රීලනිපයට කතා බෑ !

ජනාධිපති අපේක්ෂකයා ගැන ශ්‍රීලනිපයට කතා බෑ !

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබදව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිදුකරන බොළද ප‍්‍රකාශ නවත්වන්නැයි මධ්‍යම පලාත් සභාවේ හිටපු ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් ඉල්ලා සිටියේය.

‘ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගැටගහගෙන ඉදිරි ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව පසුගිය දින කිපයේම විවිධ ප්‍රකාශ සිදුකරන ආකාරය දැක ගන්න කියවන්න ලැබුණා. ඒ පිලිබදව අපි කණගාටු වෙනවා. අපිත් එක්ක සංවාදයක් නොමැතිව එකගතාවක් නොමැතිව මේ ආකාරයේ පොළද ප්‍රකාශ සිදිකිරිමෙන් වලකින්න කියලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලිමක් කරනවා’ යයි නෙළුම් මාවත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි ඔහු පැවසිය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පසුගිය පළාත්සබා මැතිවරණ දෙදකදි මාතලේ දිස්ත්‍රික්ය වෙනුවෙන් නිදහස් පක්ෂය නියොජය කරමින් වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයා වෙයි.

එසේම පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය තුළ "ජනාධිපතිවරණ අපේක්ෂකයා පොදුජන පෙරමුණ සාමාජිකයෙක්" විය යුතු බවට යෝජනා සම්මත කරවීමට මැදිහත් වුයේද ඔහුය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න