අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති කාර්යාලයට ඇගිල්ල දිගු කරමින් සිටින බවත් එය වැරදි මතයක් බවත් ජනපති සිරිසේන පවසා ඇත.
ඒ ඊයේ (13) ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී අදහස් දක්වමින් වන අතර සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධ කිසිදු වගකීමක් ජනාධිපති කාර්යාලය භාර නොගන්නා බවද පවසා තිබේ.
එහිදී සිරිසේන ජනාධිපති වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම තත්ත්වයට අදාළ අමාත්‍යාංශ වගකිව යුතු බවත් අදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම මෙම ප‍්‍රමාදයට හේතු වී ඇති බවත්ය.
තවද සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව හරහා අනිවාර්යයෙන් එම කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
