සිරිසේනට අපේක්ෂකත්වය දෙනවාට වෙල්ගම විරුද්ධයි !

සිරිසේනට අපේක්ෂකත්වය දෙනවාට වෙල්ගම විරුද්ධයි !

එළඹෙන ජනාධිපතිවරණයකදී වත්මන් ජනාධිපති සිරිසේනට අපේක්ෂකත්වය ලබාදීමට පොදුජන පෙරමුණ කටයුතු කරනවා නම් තමන් ඊට විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද සඳහන්කර ඇත.

“විපක්‍ෂයේ සිටීම අපට ගැටලුවක් නොවෙයි. විපක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවේ සියලු වැරදිවලට විරුද්ධ වෙමින් අපි ඉදිරියට යනවා. ඒත් අද රට විනාශයට යමින් තිබෙනවා. මේ විනාශය සිදුවී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා එක්ව හැදූ ආණ්ඩුව නිසා.

එපමණක් නොවෙයි, මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් වැරැදි ලෙස පාවිච්චි කරලා සුප්‍රිම්කෝට් නඩුකාරයන් හත්දෙනෙකු දුන් තීන්දුවත් නොසලකා කටයුතු කළා. මේ වගේ තීන්දු ගන්නා අයෙකුට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවාටත් අපි විරුද්ධයි.

බදුල්ලේ ඉන්න මේ මෛත්‍රීපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ දීගයට කපුකම් කරපු මහත්තයා, එහෙම තමයි මහින්ද මහත්තයා නැති කළේ. ඒ අය තමයි එක එක දේ කියලා, ලණු දීලා මහින්ද මහත්තයාට මේ අපරාධය කළේ. මම ඒ අයගේ නම් කියන්නේ නෑ. රටේ ජනතාව ඒ අයගේ නම් දන්නවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න