Language Switcher

V2025

කට්ටියකට බලය තියා ගන්න ඕන : කට්ටියකට නඩු ටික ඉවර කර ගන්න ඕන -තලතා

කට්ටියකට බලය තියා ගන්න ඕනකමත් කට්ටියකට නඩු ටික ඉවර කර ගන්න ඕනකමත් මත කටයුතු කිරීම හේතුවෙන් නැති ප්‍රශ්න ඇතිකරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ කහවත්ත මිණි දියවර ප්‍රජා මුල සංවිධානය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

නගර සැළසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 825 ක මුදලක් මේ සදහා වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය මෙම වසරේ දෙසැම්බර් 07 වැනි දින අවසන් කිරීමට නියමිතයි. මෙමගින් පවුල් 640 කට වතුර සැපයීම ලැබීමට නියමිතව තිබේ.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

ඉස්සර රාජ්‍ය නිලධාරීන් හිතෙන හිතෙන විදිහට වැඩ කළ මිසක් අපි කරපු දේවල් කථා කලේ නැහැ. අමාරුවෙන් ආණ්ඩුවක් අර ගෙන ගියේ ඉතා අමාරු ගමනක්.රාජ්‍ය නිලධාරීන් අපෙන් කර ගන්න බැරි දේවල් වෙනත් මාර්ග වලින් කර ගන්න උත්සාහ කළා.දැන් අපිට කෝකත් එකයි.කියන්ඩ තියෙන දේ කියනවා රජයේ නිලධාරින් හරියට වැඩ නොකළොත් පවතින නීතියට අනුව කටයුතු කරනවා.මේකේ ගෙවල් ගත්ත අයත් ඔක්තෝම්බර් 26 වෙනිදා පරාජ වෙලා ගෙදර ගිහිල්ලා නඩු ටිකට බයේ ආපහු අගමැති විදිහට මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙන කොට රතිඤ්ඤා පත්තු කලා කියලා මම දන්නවා. රතිඤ්ඤා පත්තු කරලා තමුන්නාන්සේලාට හරියනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ.රටේම රතිඤ්ඤා පත්තු කරන්න කියන්න.

අපි අබමල් රේණුවක දෙයක් අරන් නැහැ .වර ප්‍රසාද කියලා අරන් තියෙන්නේ නිල වාහනෙයි අපිට දීලා තියෙන ආරක්ෂාවයි විතරයි.අදටත් අපේ සජිත් ඇමතිතුමා යන්නේ එතුමාගේ වාහනෙන්.

මේවා සමහර අයට අවබෝධ කර ගන්න බැහැ.පසුගිය කාලයේ වසර 20 ක් මේ රට හොරා කෑවා සම්පුර්ණයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදලා රාජ්‍ය නිලධාරීන් දේශපාලනය වුණා.වසමට ඇවිල්ලා දේශපාලනය කළා.මේවා තමයි අදත් බලා ගෙන ඉන්නේ.

හිගන කමයි දුප්පත් කමයි පවත්වා ගෙන යන්න ඕන නම් මහින්ද රාජපක්ෂ මහත්තයා වගේ දහ දෙනෙක් අගමැති කර ගන්න අපිට ප්‍රශ්නයක් නැහැ.අපි ඒ ගොල්ලන්ට වසර 20 කින් කරන්න බැරි වුණ දේවල් අවුරුදු තුනකින් කරලා පෙන්නුවා .ඇයි අර මාදම්පේ හංදියේ පාර අයිනේ මාළු මාකට් එක තිබුණනේ .ඕවා හදන්ඩ තිබුණානේ .අපි මේවා කලා පක්ෂ පාට භේද බලලා වතුර දීපු .පක්ෂ පාට බලලා රජයේ සේවකයින්ට සලකපු කාලයක් තිබුණා.අපි මේවා කරන්නේ පක්ෂ පාට භේද බලලා නෙවෙයි .අගමැතිතුමා අයින් කලා. අපි දන්නවා කටිට්යකට බලයේ ඉන්න ඕන.තව කට්ටියකට නඩු ටික ඉවර කර ගන්න ඒන ඕක තමයි වෙච්ච කාරණය. බුද්ධිමත් විදිහට රට ඉදිරියට ගෙන යන නායකයෙක් ඉන්නවා.හැබැයි ඉතිං පිටට තට්ටු කරන්නේ නැහැ .ළමයි උඩ දාලා ඉඹින්නේ නැහැ ඔය ටික කරන්නේ නැති නිසා එයා බෞද්ධයෙක් නෙවෙයි කියනවා.අපේ පක්ෂයේ ස්වාමීන් වහන්සේලාට දේශපාලනය කරන්න ඉඩ නැහැ මේ ගමේ ඕනම ගෙදරකට වඩින්න අපේ හාමුදුරුවන්ට පුළුවන්කම තියෙන්න ඕන.අපි එක්සත් ජාතික පක්ෂය හැම විටම බෞද්ධාගමට ගරු කරනවා.අපි හොද බෞද්ධයෝ අපි මොනම හේතුවක් නිසාවත් කිසිම අයුරකින් මේ රට බෙදන්න දෙන්නෙත් නැහැ මේ රටේ තිබුනු කුරිරු යුද්ධය අවසන් කරන්න තමන්ගේ ලෙයින් දහඩියෙන් ත්‍රස්තවාදය අවසන් කරන්න මේ රට ආරක්ෂා කරපු රණ විරුවෝ කිසිම අධිකරණයකට ගෙනි යන්න දෙන්නෙත් නැහැ.මේවා බොරු ප්‍රචාර.ළිද ළග එකයි ඇළ ලග එකයි .කට්ටියකට බලය තියා ගන්න ඕන .කට්ටියකට නඩු ටික ඉවර කර ගන්න ඕන. රනිල් විකුමසිංහ 94ත් අරලිය ගහ මන්දිරයේ බැහැලා ගියා 2004 ත් ගියා .හැබැයි එතුමා පළවෙනි වතාවට අරලිය ගහ මන්දිරයේ රාත්‍රිය ගත කළේ ඔක්තෝම්බර් 26 වෙනිදා කියන එක කියන්න ඕන .

නීති විරෝධීව කුමන්ත්‍රණකාරීව අපිම පත් කරපු අය වැඩ කලා.අධිකරණයේ ස්වාධීනත්වයත් නීතියේ ආධිපත්‍යයත් ඉදිරියේ ජය ගත්තා අපි දැන ගත්තා අපි වරදක් කරලා නැහැ කියලා .මම දන්නවා රතිඤ්ඤා පත්තු කරපු හැටි.මම දන්නවා රජයේ රජයේ කාර්යාල වල වැඩ කරපු හැටි.අපි දන්නවා අපේ අගමැතිතුමාගේ පිංතූරය ගලවපු හැටි.පිංතූර ගලවලා මකන්න පුළුවන් චරිතයක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන්නේ .අපි රටක් හැටියට ඉදිරියට ගියා නැවතත් ආපහු 2015 ජනවාරි 08 වැනිදාට පෙර තිබුණු තත්වයට රට පත් කරලා තියෙනවා.

අපි වසර තුනක් තිස්සේ මේ රජය වැඩ කළා ඉදිරියටත් ඒ ටික කරනවා අපි ඉවසා ගෙන හිටියා හෙට ඡන්දයක් තිබ්බත් රටේ ජනතාව දෙන තීන්දුවට අපි හිස නවනවා.ඒකට හේතුව තමයි වසර 20 ක් කරන්න බැරි වුණු දේවල් අපි කලා.

අපි ඉතිහාසයේ කිසිම රජයක් නොදුන්න විදිහට ගංවතුර ආපදා සහනාධාර ලබා දුන්නා .අපි මේ රටේ දුප්පත් කමින් ගොඩ යන් ඕන.අද පාසල් ළමුන්ට ලබාදීලා තියෙනවා සුරක්ෂා රක්ෂණාවය.ඒ තුළින් සියලුම පාසල් ළමුන් රක්ෂණය කරලා තියෙනවා.අද මේවා කවුරුත් කථා කරන්නේ නැහැ.ඉස්කෝලෙට ගියාම ගුරුවරයා විදුහල්පතිවරයා දේශපාලන කෝණයෙන් දරුවන් දිහා බලනවා නම්.ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම දේශපාලන කෝණයෙන් බලනවා නම්.වතුර ටිකක් දෙන්න ගියාම දේශපාලන කෝණයෙන් බලනවා නම්.ඒක තමයි අපේ කරුමය.එක්සත් ජාතික පක්ෂයේ අපි ඒ වගේ වැඩ කරන්න සුදානම් නැතැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.