බැඳුම්කර වාර්තාව මගින් රවී කරුණානායක මහතා පමණක් චුදිතයකු කර ඊට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සඟවා ඇති බවට බරපතල චෝදනාවක් එල්ලවෙමින් තිබේ.
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා දුෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත්කරනු ලැබූ නිවේදනයක ද ඒ සම්බන්ධයෙන් සැකයක් මතුකර ඇත.
'' බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කල ප්‍රකාශයේදී බැදුම්කර වංචාවේ නම කියවුණු එක් දේශපාලනඥයෙකු වන රවී කරුණානායක මහතා පමණක් ප්‍රති-අනාවරණයක් සිදු කර ඇති අතර එයට සම්බන්ධ ක්‍රියාකාරී දේශපාලනයේ සිටින තවත් බොහෝ අය සගවා ඇති බව පැහැදිලිය.
බැදුම්කර වංචාව එක් දේශපාලනඥයෙකුගේ කාර්යයක් නොව සාමූහික, සැලසුම් සහගත ක්‍රියාවලියකි. එයට තවත් බොහෝ අය සෘජුව හා වක්‍රව සම්බන්ධව සිටී.'' යයි ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.
තුරුම්පු අතේ නැතිව ගේම ඉල්ලලා !

''ජනාධිපතිවරයා වචනවලින් සෙල්ලමක් දමා තිබේ.''
මේ අතර බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන සියමුහුණු පොතේ මෙසේ සටහනක් තබා ඇත
''බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශන වාර්තාව තවම ප්‍රසිද්ධ කරලා නැත..ඒකෙ මෙව්වා තියෙනවා යැයි ජනාධිපති විසින් තොරාගත් තොරතුරු හා නිර්දේශයන් යැයි කියන එව්වා ගැන නම් කියා ඇත.
ඒ ගැන කියන්න තියෙන්නේ.. තුරුම්පු අතේ නැතිව ..ගේම ඉල්ලන්න යන ඒකාට වෙන දේ මෛත්‍රීපාලට සිද්ධ වී ඇති බවය.
මේ කියන තොරතුරු අනුව 2015 පෙබරවාරි 27 ගනු දෙනුවේ ඔය කියන පන්නයේ මහා වංචාවක් වී නැත. ඒ බරෙන් ජනාධිපතිවරයා කිසිවක් නොකියයි. මිලියන 600 ගානයි ලාබ උපයා ඇත්තේ. (ඒකම විගනකාධිපති වාර්තාවේ ඊට වැඩිය, ඒක මිලියන 800 ගානකි)
රජයට සහ පෞද්ගලික අංශයට බිලියන 11 ක අලාබයක් වීම ගැන කියන්න වෙන්නේ... එම ලාබය පර්පෙච්චුවල් සමාගම උපයා ගැනීම ගැන කොමිසම මොකුත් කියන්නෙ නැති එක ගැනය. .ඒක විගනනය කරල බලන්න කියා ඉල්ලයි.
අනික මේ කියන්නේ ප්‍රශ්න ගත පෙබ 27 ගනුදෙනුවෙන් ලැබූ ලාබයක් ගන නොවේ..මාස 5ක් තිස්සෙ එම සමාගම ද්විතීක වෙලඳ පොලේ ගනු දෙනුවලින් ලැබූ සමස්ත ලාබය ගැනය. ඒ සියල්ල නීති විරෝධී උපයා ගැනීම් බව කියන්නෙ නැත.. එසේ කීමේ හැකියාවක් ද නැත.
අනික මේ මුදල් නැවත අය කර ගන්නා බව කියයි. එහෙත් ඊට හැකියාවක් තිබේ යැයි සිතිය නොහැක. මොකද ඒවාට නීති නැත. අලුතෙන් නීති ගෙනත් මේ සිදු කළ නොහැකියි.
හිටපු මහ බැංකු අධිපති පිට වරදක් පටවා ඇත..එහෙත් ඉන් ගැලවීමේ මාර්ගය මෙරට නීති පද්ධතිය තුල තිබේ. ඉන්සයිඩ් ට්‍රෙඩින් සම්බන්ධයෙන්ද මෙරට හරි හමන් නීතියක් නැත. ඔයා නෝටි වැඩක්නේ කරල තියෙන්නෙ කියා ඔලුව අත ගා ආයි එහෙම කරන්න එපා.. කියනවා හැර වෙනකක් වීමට නියමිත නැත.
රවීට තියෙන්නෙ වෙනත් අල්ලස් චෝදනාවකි.
මට දැනෙන ලෙස මේ වාර්තාව පුස්සකි. ජනාධිපතිවරයා වචනවලින් සෙල්ලමක් දමා තිබේ.''

