සිරිසේනට එරෙහි එජාපෙ අධිකරණ ක්‍රියාමාර්ග හකුළයි !

සිරිසේනට එරෙහි එජාපෙ අධිකරණ ක්‍රියාමාර්ග හකුළයි !

ඔක්තෝබර් 26 වනදා සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් දියත්වූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයට අදාළ කිසිඳු නීතිමය පියවරක් නොගැනීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පොරොන්දුවී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සමඟ සහයෝගයෙන් රට ඉදිරි මැතිවරණයක් වන තුරු බාධාවකින් තොරව ගෙන යාමේ අපේක්ෂාවෙන් යුතුව මෙම තීරණය ගෙන ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම මේ බව පසුගියදා පැවති ජනාධිපති උපදේශක, සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සුහද හමුවේදීද සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. එහිදීද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ පිළිබඳ තහවුරුවක් ලබාදී ඇති බව වාර්තා වෙයි.

එසේම ජනාධිපති සිරිසේන පාර්ශවයද ආණ්ඩුවේ කටයුතු වලට බාධා නොකරන බවට තහවුරුවක් ලබාදී ඇති බවත් දැනගන්නට ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න