සිරිසේන - ෆොන්සේකා ගැටුම අවසන් : අමාත්‍යධුරයත් සූදානම් !

සිරිසේන - ෆොන්සේකා ගැටුම අවසන් : අමාත්‍යධුරයත් සූදානම් !

ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සහ ජනාධිපති සිරිසේන අතර පැවති නොහොඳ නොක්කඩු අවසන් කිරීම සඳහා ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා කිහිපනමක් ගනුලැබූ ප්‍රයත්නය සාර්ථක වී ඇති බව වාර්තා වෙයි.

මෙම භික්ෂුන්ගේ මැදිහත්වීමෙන් පළමුව දෙපාර්ශවය සමඟ වෙන වෙනම සාකච්ඡා කර ඇති අතර පසුව ෆොන්සේකා - සිරිසේන දෙපාර්ශවය අතර සෘජු සාකච්ඡා පවත්වන්නට කටයුතු සුදානම් කර ඇති බවද වාර්තා වෙයි.

මේ සාකච්ඡා වල සාර්ථකත්වය අනුව තමන්ට පෞද්ගලික පළිගැනීමක් ලෙස අමාත්‍ය ධුරයක් ලබානොදීමට සිරිසේන ජනාධිපති ක්‍රියා කිරීමට එරෙහිව ෆොන්සේකා පාර්ශවය සුදානම් කරගෙන තිබු නඩු කටයුත්ත පසුපසට ගැනීමට පොරොන්දු වී ඇති බවත් සරත් ෆොන්සේකා පාර්ශවයට අමාත්‍ය ධුරයක් ලබාදීම වෙනුවෙන් මැදිහත්වීමට ජනාධිපති පාර්ශවයේ නියෝජිතයන් පොරොන්දු වී ඇති බවත් දැනගන්නට ඇත.

එසේම ජනාධිපති සිරිසේනගේ පිලිපීන සංචාරය අවසන්වීමෙන් පසුව ජනාධිපති සහ මන්ත්‍රීවරයා අතර හමුවක් සුදානම්කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න