ජනාධිපති සිරිසේන ඇතුළු ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිය ශශී වීරවංශගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එලෙස දන්වා සිටියේ සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීය.
කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ මේ නඩුව කැඳවනු ලැබූ අතර එහිදී මෙම සතිය ඇතුළත ඔවුන් තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බවද ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
