සිරිසේනට සහ රනිල්ට : මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක් !

සිරිසේනට සහ රනිල්ට : මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක් !

පළාත් සභා මැතිවරණය කඩිනනමින් පැවැත්විම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ආකාරයට ඊයේ(16) දිනයේදී ලිඛිතව අදාළ දැනුම්දීම සිදු කර ඇත.

එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ද මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ දැනුම්දීම සිදු කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්විම සඳහා පාර්ලිමේන්තුවේදී කඩිනමින් විසදුමකට පැමිණෙන ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව අදාළ ලිපිය මඟින් ඉල්ලීමක් කර ඇත.

පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ පැවැති දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්විමේදී ගනු ලැබූ තින්දු තීරණ පිළීබඳව ද අදාළ ලිපිය මඟින් දැනුවත් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න