Language Switcher

V2025

සේනාගෙන් හානිවූ ගොවීන්ට වන්දි !

සේනා දළඹුවාගෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීමට සලකා බලන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් පවසයි.

අමාත්‍යවරයා මෙ බව පැවසුවේ (17)අද පැවැත්වූ මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදින් නැගු ප්‍රශනවලට පිළිතුරු ලබාදෙමින්ය.

සේනා දළඹුවා මර්දනය කිරීමට හදුනාගෙන ඇති දීලිරයක් පිළිබදවද මෙහිදී ප්‍රශන කෙරිණ.

අස්වනුවලට නිසි මිළක් නොලැබීමෙන් පීඩාවට පත් වට්ටක්කා ගොවීන්ට සහන සැලසීමටද කටයුතු කරන බවත් ඒ අනුව කිලෝග්‍රෑම් එකක් රුපියල් 30ක මිලකට ගොවීන්ගෙන් වට්ටක්කා මිලට ගැනීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මේ සදහා රුපියල් ලක්‍ෂ සියයක් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.