ආණ්ඩුකාර ධුරයට පත්වූ මෛත්‍රී : ප්‍රසිද්ධියේ කෙසෙල් ඇවරි දේශපාලනයේ !

ආණ්ඩුකාර ධුරයට පත්වූ මෛත්‍රී : ප්‍රසිද්ධියේ කෙසෙල් ඇවරි දේශපාලනයේ !

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න සිය ධුරයට කොහෙත්ම නොගැළපෙන ආකාරයට දේශපාලන කටයුතුවල නිරත වන බව වාර්තා වෙයි.

ඒ ආණ්ඩුකාර ධුරය දරන අතර ප්‍රසිද්ධියේ සිය දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික නිදහස් පෙරමුණේ කටයුතුවලට සම්බන්ධ වෙමින්ය.

මෛත්‍රී ගුණරත්න පසුගියදා තම පක්ෂයේ සංවිධාන සහ ප්‍රවර්ධන කටයුතුවල නිරතවන ආකාරය දැක්වෙන ජායාරූප පවා එම පක්ෂය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

ආණ්ඩුකාර පදවිය දරන අතර තුර මේ ආකාරයට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් වගකීම් ඉටුකිරීම තුළ ආණ්ඩුකාර ධුරයේ අපේක්ෂිත ස්වාධීනත්වය තහවුරු නොවන බව දේශපාලන විචාරකයන්ගේද මතය වී තිබේ.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන ආකාරයට යමෙකු ආණ්ඩුකාර ධුරයක් ලැබූ විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරයිද එයින් ඉවත් විය යුතුව ඇත්තේ එම ධුරය ස්වාධීනව පැවතිය යුතු නිසා සහ ආණ්ඩුකාර ධුරය උපයෝගී කරගෙන අයුතු ලාභ ප්‍රයෝජන ලැබීම වලක්වා ගැනීමටය. එහෙත් මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයාගේ හැසිරීම පෙන්නුම් කරන්නේ ඔහු ධුරයට කිසිසේත් නොගැළපෙන ආකාරයට කටයුතු කිරීම අරඹා ඇති බවය.

පහත දැක්වෙන්නේ මෛත්‍රී ගුණරත්නගේ ඒ ප්‍රසිද්ධ පක්ෂ දේශපාලන කටයුත්තක් සම්බන්ධව මුහුණු පොතේ පලකළ අවස්ථාවකි.

Capturem

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න