රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමේ පුවත සාවද්‍යයි !

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කිරීමේ පුවත සාවද්‍යයි !

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී. එස්. එම්. චාර්ල්ස් මහත්මිය එම ධූරයෙන් ඉවත් කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවට පළවන පුවත මුළුමනින්ම සාවද්‍ය බව වාර්තා වෙයි.

සමාජ මාධ්‍ය කිහිපයක පළවන පුවතක් සම්බන්ධව අප කළ කරුණු විමසීමේදී මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීයකු මේ බව සදහන් කල අතර එම පුවත කිසිදු පදනමක් නැතිව අමාත්‍යවරයාගේ සහ සිය අමාත්‍යාංශයේ කීර්ති නාමයට හානි කිරීමේ චේතනාවෙන් ප්‍රචාරය කරන්නක් බවද ඔහු පවසයි.

චාර්ල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ පිහිටවූයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර බවත් එහිදී කාන්තාවක් එකී ධුරයට පත්කිරීම ගැන සිනාසුණු පාර්ශවයම අද ඇය කීර්තිමත් ආකාරයට රාජකාරි කරනවා දැක අමාත්‍යාංශයට අභූත චෝදනා කිරීම ගැන පුදුම නොවන බවද එම නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.

එසේම චාර්ල්ස් මහත්මිය සම්බන්ධව කිසිදු චෝදනාවක් නොමැති බවත් ඒ හමුවේ ඇයව ධුරයෙන් ඉවත් කිරීමේද කිසිදු තීරණයක් නොමැති බවත් ඔහු අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න