බැදුම්කර කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් ජනාධිපතිවරයා කියවා නැති බවත් ඔහු ඊයේ (03) ප්‍රකාශ කලේ ඔහුගේ උපදේශකයින් පැවසූ දේ පමණක් බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා දූෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
ජනතාවගේ මුදල් ජනතා සංතකයට ලැබිය යුතු බවත් බැදුම් කරේ සැබෑ හොරුන් කවුරුද යන්න ජනතාවට දැන ගැනීම සදහා මෙම වාර්තාව වහාම ජනගත කල යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
(voiceofceylon)
හඬපටය

