'රග්බි කියන්නේ කැරම් වැනි ක්‍රීඩාවක් නොවේ' - රග්බි ගැටුම ගැන නාමල් පිළිතුරු දෙයි (වීඩියෝ)

'රග්බි කියන්නේ කැරම් වැනි ක්‍රීඩාවක් නොවේ' - රග්බි ගැටුම ගැන නාමල් පිළිතුරු දෙයි (වීඩියෝ)

පසුගියදා වැලිසරදී පැවති රග්බි තරගයක් අවසානයේ සිදුව ඇති සුළු සිදුවීමක් මහා ගැටුමක් සේ පෙන්වා එය දේශපාලනීකරණය කිරීමේ උත්සායක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඕනෑම රගර් තරගයක් අවසානයේ මේ ආකාරයේ ගැටුම් ඇතිවන බව පවසන මන්ත්‍රීවරයා, රගර් යනු චෙස් හෝ කැරම් වැනි ක්‍රිඩාවක් නොවන බවද කියා සිටී.

මේ ආකාරයේ කටයුතු නිසා අසාධාරණය සිදු වන්නේ තමනට නොව රගර් ක්‍රිඩාවට හා ක්‍රීඩා කරන ක්‍රිඩකයන්ට බවත් ඔහු පෙන්වා දෙයි.

මෙනිසා බොරු පුවත් නිර්මාණය කර පල කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි තමන් පොලීසියේ පැමිණිල්ලක් දැමු බවද ඔහු සදහන් කරයි.

එම තරගය පැවතියේ නාවික හමුදා කණ්ඩායම හා සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම් අතර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය යටතේ වන තරගයක් ලෙසය.

වීඩියෝ

යෝෂිත රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ මැදිහත් වූ රග්බි ගැටුම

 

නාමල් මන්ත්‍රීවරයා තංගල්ල පොලිසියට කල පැමිණිල්ල මෙන්න

IMG 3637

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න