අපි වැඩ කළා මිසක් බෙර ගැහුවේ නෑ - අගමැති රනිල්

අපි වැඩ කළා මිසක් බෙර ගැහුවේ නෑ - අගමැති රනිල්

අපි අවුරුදු හතරක කාලයක් තුළ මේ රටේ තිබුණ ණයබර ගෙවා දමමින්, නිරෝගී ජාතියක් සහ දැනුමැති උගත් පරපුරක් බිහි කිරිමට සෞඛ්‍ය සහ අධ්‍යාපන කෙෂ්ත්‍රයක් ඇතුළු හැම කෙෂ්ත්‍රයකම මුදල් වැයකරමින් වැඩකලා මිස බෙර ගැසුවේවත්, කෑගැහුවේවත් නැති බවත් ඉවසීමෙන් යුතුව ඒ සියල්ල කළ බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ පැවසිය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) සබරගමු විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පිඨය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම වෛද්‍ය පීඨය පිහිටුවීමට සමගාමීව රත්නපුර මහ රෝහල ශීක්‍ෂණ රෝහලක් බවට උසස් කිරීමද මෙදින අගමැතිවරයා අතින් සිදුවිය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිතුමා යටතේ මේ රටේ සෞඛ්‍ය සේවයට විශාල පෙරළියක් ඇති වෙලා තියනවා. යම් සැලැස්මක් ඇතිවයි දැන් සෞඛ්‍ය කෙෂ්ත්‍රය දියුණු වෙන්නේ. පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ සංකල්පයක් තිබුණා මේ අධ්‍යාපන පහසුකම් නගරයට නොගෙන තියන ස්ථානවල ස්ථාපිත කරන්න.

නමුත් පසුගිය කාලේ අපි අනවශ්‍ය දේවල් වලට වැඩිපුර වියදම් කර තිබුණා. මත්තල ක‍්‍රිකට් පිටියක් හැදුවා. ශ‍්‍රී ලන්කන් එකට අනවශ්‍ය ගුවන් යානා ගත්තා. ඇමරිකාවට යන්න පුළුවන් ගුවන් යානා අරගෙන ලන්ඩන් දක්වා යනවා. ඒ මුදල් සෞඛ්‍යයට දැම්මනම් නිරෝගි ජනතාවක් හදන්න තිබුණා. ඒ මුදල් අධ්‍යාපනයට දැම්මා නම් විශාල වෙනසක් තියනවා. ඒත් ඒක සිදුකළේ නෑ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න