රජයේ වාහනත් කාබන් බද්දට යටත් !

රජයේ වාහනත් කාබන් බද්දට යටත් !

2018 අයවැය මගින් සම්මත කරනු ලැබූ කාබන් බද්ද, 2019 ජනවාරි මස සිට සියළුම වාහන සඳහා ක්‍රියාත්මක වන අතර රජයේ සියළු වාහන ද මෙම බද්දට යටත් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව සඳහන් කරන අතර අදාළ බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන වාහන පමණක් බවද එහි දැක්වේ.

ඒ අනුව රජය සතු වාහන මෙම කාබන් බද්දෙන් නිදහස් කර ඇතැයි යනුවෙන් ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තාවේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කරන එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

රජය විසින් නිකුත් කරනු ලැබූ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ මෙම බද්ද ස්ථාපිත කර ඇත.

සෑම මෝටර් රථයක්ම ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේදී හැර වාර්ෂිකව ආදායම් බලපත්‍රය අලුත් කරනු ලබන අවස්ථාවේ මෙම බද්ද අය කරනු ලබයි.

වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් සඳහා කාණ්ඩ තුනක් යටතේ වාර්ෂිකව මෙම බද්ද පහත වගුවේ දැක්වෙන පරිදී අය කරගනු ලබයි.

Capture1q

මගී ප්‍රවාහන බස්රථ සඳහා වාර්ෂික ස්ථාවර ගාස්තුවක් ලෙස මෙම කාබන් බද්ද අයකරනු ලබන අතර වසර 5ට අඩු බස්රථ සදහා රුපියල් 1000/-ක්ද, වසර 5-10ත් අතර පැරණි බස්රථ සඳහා රුපියල් 2000/-ක්ද, වසර 10කට වඩා පැරණි බස්රථ සඳහා රුපියල් 3000/-ක් වන පරිදී බදු ගෙවිය යුතු වේ.

වත්මන් රජයේ නීල හරිත ආර්ථික දැක්ම පදනම් කරගත් ආර්ථීක වැඩපිළිවෙල යටතේ පරිසර හිතකාමී පියවරක් ලෙස පාරිසරික අවදානම අඩු අනාගත ශ්‍රී ලංකාවක් උදෙසා මෙම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න