සිරිසේනගේ අළුත් කොමිසම : එජාප ඇමති 10 කට එරෙහිව - මහින්දානන්ද

සිරිසේනගේ අළුත් කොමිසම : එජාප ඇමති 10 කට එරෙහිව - මහින්දානන්ද

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ වූ ආණ්ඩුවේ ගෙවුණු වසර හතරක කාලයේදී සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා වංචා පිළිබඳ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට යොමු කළ පළමු පැමිණිල්ල එම ආණ්ඩුවේ ඇමැතිවරුන් දස දෙනකුට එරෙහිව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

එම ආණ්ඩුව සමයේ සිදුවූ බව කියන දූෂණ හා චෝදනා සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට ‘වොප්මෙන්’ යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර එසේ සොයා ගත් තොරතුරු අනුව ඒවා මීට වසර දෙකකට පෙර අල්ලස් හෝ දූෂණ කොමිසමට ද භාරදී ඇත.

අමාත්‍යාංශ දහයක සිදුවූ රුපියල් මිලියන එක්ලක්ෂ තිස්එක් දහසක (31,000) දූෂණ හා වංචා සිදුව ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මලික් සමරවික්‍රම, ලක්ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරල, පී. හැරිසන්, රාජිත සේනාරත්න යන අය එවකට දැරූ අමාත්‍යාංශවල මෙම වංචා දූෂණ සිදුව ඇති බව සඳහන් වේ.

2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් 31 වැනි දින දක්වා සිදු වූ වංචා දූෂණ සෙවීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ මූලිකත්වයෙන් පස් පුද්ගල සාමාජිකයන් පිරිසක් ජනාධිපතිවරයා විසින් පත් කළේය.

(අරුණ)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න