Language Switcher

V2025

දවස් 52 ක කාලය තුළ බන්ධනාගාරවලට අත්වූ ඉරණම ගැන තලතා කියයි !

පාලනයක් නොතිබු දවස් 52 ක කාලය තුළ බන්ධනාගාර පාලනය කඩා වැටුණ බවත් උසස් නිලධාරීන් වෙනස් කර හෝ බන්ධනාගාර තුළ සිදු වන තත්වයන් පාලනය කිරීමට කටයුතු කරන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

අමාත්‍යවරිය මේ බව සඳහන්කර සිටියේ පසුගියදා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කලාය.

පසුගිය දින පනස් දෙකක කාලයක් තුළ මේ රට අරාජික වෙලා තිබුණා. ඒ කාලයේ විවිධ විරෝධී දේවල් බන්ධනාගාර තුළ වෙලා තියෙනවා අපි හදා ගෙන ගිය වැඩ පිළිවෙළ සම්පුර්ණයෙන්ම අඩාල වුණා.අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිදුවු සිද්ධියට තත්වයක් තරාතිරමක් නොබලා පරීක්ෂණවලින් පසුව ඕනෑම නිලධාරියෙකුට එරෙහිව කටයුතු කරනවා. මේ වුනු සිදු විම මම සාධාරණී කරණය කරන්න යන්නේ නැහැ. මේ පහරදීම රජයක් ලෙස අපි හෙලා දකිනවා මේ පහරදීමට සම්බන්ධ නිලධාරීන් කවුද කියලා බලලා තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. සමහර අය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ලොකු මතයක් හදන්න උත්සාහ කරනවා. පාලනයක් නොතිබු කාලය තුළ දවස් 52 තුළ බන්ධනාගාර පාලනය කඩා වැටුණා.ඔක්තෝම්බර් 26 වෙනිදා අපිව ඉවත් කරන්න උත්සාහ කළ නිසා අපිට ඒ කාලය තුළ සිදු වු දේ ගැන වගකීමක් දරන්න බැරි වුණා.ඒ කාලය තුළ සිදු වු සිද්ධි සම්බන්ධයෙන් එකිනෙකට බැලුවොත් අපි කණගාටු වෙනවා විනය සම්බන්ධව කටයුතු කරලා ස්ථාන මාරුවීම් ලබාදීපු නිලධාරීන් නැවතත් ඒ ස්ථාන මාරුවීම් නැවත තමන්ට කැමති ස්ථානවලට ලබාදීලා අපි හදා ගෙන ගිය ගොඩ නගා ගෙන ගිය ඒ කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල තත්වයට පත් කරලා තිබුණා.

බන්ධනාගාර තුළ මේ තත්වය පාලනයක් කිරීමට බැරිව දිගටම මේ තත්වය මීට පස්සේ ඇති වුණොත් මට සිදු වෙනවා උසස් නිලධාරීන්ගෙන් පවා වෙනසක් ඇති කරලා හරි නැවත යථා තත්වයට පත් කරන්න.විශේෂ කාර්ය සාධක බලකාය වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවන එක නවත්වලා නැහැ.යම්කිසි හේතුවක් නිසා තාවකාලිකව නවත්වලා තියෙන්නේ .

අගුණකොලපැලැස්ස බන්ධනාගාරය තුළ විශේෂ කාර්ය බලකාය යොදවලා තියෙන්නේ රැදවියන් හා ඔවුන් බලන්න එන අය බන්ධනාගාරයට ඇතුළත් වෙන තැනදී පරීක්ෂා කරන්න විතරයි.අද වැඩියෙන්ම මත් ද්‍රව්‍ය මත් කුඩු පාලනය වන බන්ධනාගාරය බවට අගුණකොලපැලැස්ස බන්ධනාගාරය පත්වෙලා තියෙනවා.සිරකරුවෝද මනුෂ්‍ය යෝය කියන ආකාරයටම ඔවුන්ගේ සුභ සාධන කටයුතු සදහා අපි කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරිය සදහන් කළාය.

සමහර නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා බන්ධනාගාර තුළ ඉන්න නිලධාරීන්ගේ වැඩ කටයුතු පිළිබදව මා තුළ පැහැදීමක් නැහැ.සමහර කරුණුවලට ඒ අය වගකීම භාර ගන්න ඕන බවත් සම්බන්ධ බවත් මට කරුනු අවබෝධ වුණා.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරය තුළ වුනු මේ සිද්ධිය සම්බන්ධව වීඩියෝ දර්ශන නිකුත් වෙලා තියෙනවා.ඒත් සමගම සමහර අය උත්සාහ කරනවා මේ සිද්ධිය ඊයේ පෙරේදා වුන දෙයක් විදිහට පෙන්වන්න.මේ වගේ සිද්ධීන් අවම කරන්න කටයුතු කරනවා වගේම පුද්ගලික හේතුවක් මත රැදවියන්ට පහරදීලා තියෙනවා නම් මොනම හේතුවක් නිසාවත් ඒ පිළිබදව අවශ්‍ය පියවර ගන්න පසුබට වෙන්නේ නැහැ.විෂය භාර ඇමතිවරිය හැටියට මේ වගේ දේවල් අවම කරනවා වගේම පුද්ගලික චේතනාවකින් පහරදීලා තියෙනවා නම් අවශ්‍ය පියවර ගන්නවා යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.