ශවේන්ද්‍රගේ පත්වීම ගැන ඇමරිකාව කනස්සල්ලෙන් !

ශවේන්ද්‍රගේ පත්වීම ගැන ඇමරිකාව කනස්සල්ලෙන් !

යුද අපරාධ චුදිතයකු යුද හමුදාවේ දෙවැනියා ලෙස පත් කිරීම ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යන ආරක්ෂක සබඳතා වලට හානිකර අයුරින් බලපෑමේ අවදානම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය බරපතල අනතුරු ඇඟවීමක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ යුද්ධයේදී අපරාධ සිදුකළ බවට චෝදනා ලබන 58 වැනි සේනාංකයට අණ දුන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට උසස් කිරීම ගැන බරපතල අවධානය යොමු කරන එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ ස්ථාවර කමිටුවක් යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන අවංක භාවය පිළිබඳව දැඩි ලෙස ප්‍රශ්න කරයි.

“යුද අපරාධ සැලසුම් කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ බවට එක්සත් ජාතීන් විසින් නම්කොට ඇති ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කිරීම මගේ සංවේගයට හේතුවී ඇත. එය එක්සත් ජනපද - ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතාවට හානිකර ලෙස බලපෑ හැකිය,” යි විදේශ කටයුතු පිළිබඳ එක්සත් ජනපද කමිටුවේ සභාපති එලියට් එංගල් ට්විටර් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

“යුද අපරාධකරුවකු බවට විශ්වාස කෙරෙන පුද්ගලයකු හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවයෙහි යෙදවීම යනු, යුද අපරාධකරුවන් වගකීමෙන් බැඳ ලීම සඳහා වන අවංක භාවය ප්‍රදර්ශනය නොකළ යුත්තේ කෙසේද යන්න කියාපාන්නකි.”

ට්විටර් සටහන
625.0.560.350.160.300.053.800.668.160.90

 විදේශ කටයුතු කමිටු සභාපතිවරයා සිය අනතුරු ඇඟවීම කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යව මංගල සමරවීර ප්‍රමුඛ දූත මණ්ඩලයක් එක්සත් ජනපදයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණ ගැසෙමින් සිටියදීය.

ශ්‍රී ලංකාවේ සාමුද්‍රික ආරක්ෂාව තර කිරීමට ඩොලර් මිලියන 39 ක ආධාරයක් දීමේ අපේක්ෂාව එක්සත් ජනපදය විසින් පසුගිය අගෝස්තුවේ දී ප්‍රකාශයට පත් කර තිබුනි.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉහල නිලයකට පත් කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වුවකි.

(radiogagana.com)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න