ලිංගික අල්ලස් දේශපාලනයට එරෙහිව ජන්දය දෙන්න - සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

ලිංගික අල්ලස් දේශපාලනයට එරෙහිව ජන්දය දෙන්න - සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය අවම මට්ටමක පවතින්නේ ඔවුන් දේශපාලනය නොදැනීම හෝ දේශපාලන අදහසක් නොමැතිවීම නිසා නොව පොහොට්ටුවට නාමයෝජනා ලබාදීමට කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම වැනි ක්‍රියා නිසා බව ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍ර‍වාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් තුසිත බාලසූරිය සඳහන් කරයි.

“පිරිමි දේශපාලකයන්ගේ ලිංගික අල්ලස් දේශපාලනය” මැයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රධාන ලේකම්වරයා මේ බව අවධාරණය කර ඇත.

කාන්තා අයිතිවාසිකම් රකින මුවාවෙන් දිවි රැකගන්නා කාන්තා සංවිධාන කාන්තාවන්ට නාමයෝජනා ලබාදීමට ලිංගික අල්ලස් ලබාදීමට සිදුවීම ගැන නිහඩව සිටීම පුදුමයක් බවත් කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන්න පුවත්පතට ලිපියක් ලියා සිදු කිරීමට නොහැකි දෙයක් බව එම ක්‍රියාකාරිකයන් නොදැන කටයුතු කිරීම ගැටළු සහගත බවත් එම නිවේදනයේ සඳහන්ව තිබේ.

එසේම පොහොට්ටුවෙහි නායකයින් කාන්තාවන්ට මැතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට ලිංගික අල්ලස් ලබාගන්නා බවට හෙලිදරව් වුයේ අපේක්ෂිකාවන් කිහිපදෙනෙක් එම අසාධාරණය නොබියව ප්‍ර‍සිද්ධ කිරීම නිසා බවත් එම සිද්ධිය හරහා රටට ආදරය කරන බව කියන දේශපාලන නායකයින්ගේ නිරුවත මනාව හෙළිදරව්වූ බවද එහි දැක්වේ.

 කෙසේ වුවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ මැතිවරණයට නාමයෝජනා ලබාදීමට ලිංගික අල්ලස් ලබා දිය යුතු බවට ඇති වු මතය කාන්තා දේශපාලන අනාගතයට සුබ දායක නොවන බවය. ඒ ලිංගික අල්ලස් ලබා නොදුන් කාන්තාවන්ට අපේක්ෂකත්වය අහිමි වන විට අපේක්ෂකත්වය හිමි වු කාන්තාවන් ලිංගික අල්ලස් ලබා දුන් කාන්තාවන් බවට වැරදි මතයක් සමාජගත වීමේ අවධානමක් ඇතිවන නිසා බවද එම නිවේදයේ සඳහන්ව තිබේ.

එහෙයින් සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදින් ලෙස පිරිමි දේශපාලකයන්ගේ ලිංගික අල්ලස් දේශපාලනයට විරුද්ධ වන ලෙසත් දේශපාලන කරන කාන්තාවන් අවමානයට ලක් කරන පොහොට්ටුව පරාජය කරන ලෙස තමන් සමස්ථ කාන්තා ප්‍රජාව වෙතින් ඉල්ලා සිටින බවද ප්‍රධාන ලේකම්වරයාගේ නිවේදනයේ සඳහන්ව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න