ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන්ගේ පැමිණිම සහ පිටවයාම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත‍්‍ර යෙදවීමට රෝහල් පාලනාධිකාරිය ගෙන ඇති තීරණය වෙනස් නොකළහොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
ජයවර්ධනපුර හෙද වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී. මැදිවත්ත විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් කර ඇත.
එසේම පාලනාධිකාරිය ගෙන ඇති තීරණය හේතුවෙන් හෙද හෙදියන් මුහුණදී ඇති දුෂ්කරතාව දක්වමින් එම නිවේදනයේ සඳහන් වන්නේ මෙතෙක් පැවති පැමිණිම හා පිටවයාම පොතේ අත්සන් තැබීම වෙනුවට ඇඟිලි සලකුණ තැබීමට සිදුවීම නිසා දුෂ්කරම කාලවේලාවන්හි සේවාමුර රාජකාරි සඳහා සේවයට වාර්තා කිරීමට හෙද හෙදියන්ට සිදුව ඇති බවත් එසේම සියලූ හෙද හෙදියන්ට නිල නිවාස පහසුකම් පවා ලබාදීමක් පවා සිදුව නැති තත්වයකදී ඔවුන්ට රාජකාරියට පැමිණීමේදී දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව ඇති බවය.
එසේම හෙදියන්ගේ ප‍්‍රවාහන දුෂ්කරතා මගහැරවීම වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිවරයා තීරුගාස්තු රහිත වාහන බලපත‍්‍රයක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති නමුත් මෙතෙක් එම පොරොන්දුට ඉටුකිරීම තබා රාජකාරියට පැමිණීම හා පිටවයාම සඳහා පොදු ප‍්‍රවාහන සේවාවන් හෝ ප‍්‍රමාණවත්ව සැලසීමට කටයුතු කරදී නොමැති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇති ආකාරයට හෙද හෙදියන්ගේ පැමිණීම හා පිටවයාම පිළිබඳව ජයවර්ධනපුර රෝහල තුල කිසිදු ගැටලූවක් මතු නොවී ඇති අවස්ථාවක රෝහල් පාලනාධිකාරිය බලහත්කාරී ලෙස මෙම ඇඟිලි සලකුණු යන්ත‍්‍ර භාවිතා කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ රෝහලේ සියලූ හෙද හෙදියන්ගේ දැඩි විරොධය මතුව තිබේ. එසේම මෙය ක‍්‍රියාත්මක කිරීම තුල දුෂ්කරතා මධ්‍යයේ සේවයට පැමිණෙන හෙද හෙදියන්ගේ අතිකාල කපා දැමීමටත් ඒ හරහා රෝහලේ අර්බුදයක් ඇතිකර රෝහල පාඩු ලබන බව කියන බලධාරීන් රෝහල විකුණා දැමීමට ගෙන යන තවත් කුමන්ත‍්‍රණයක් බවද හෙද හෙදියන්ගේ අදහසය.
ඇඟිලි සලකුණු යන්ත‍්‍ර වෙනුවට පෙර පරිදි හෙද හෙදියන්ට පැමිණීම හා පිටව යාමේ පොත් අත්සන් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් 2018.01.03 දින පෙ.ව. 7.00 සිට රාජකාරියෙන් ඉවත් වීමට සියලූ හෙද කාර්ය මණ්ඩලය කටයුතු කළ අතර අද (4 ) වනදා දවල් 12 .00ට උද්ඝෝෂණයක්ද සිදුකරනු ලැබිණ.

