ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩීමට පිලිපීන ක්‍රමය !

ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩීමට පිලිපීන ක්‍රමය !

ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කිරීමක් වශයෙන් තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.

ඊට අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ පිලිපීන නිල රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ ඊයේ (19) පිලීපීන පොලිස් මූලස්ථානයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අතර ඒහිදී මේ පිළිබඳව හෙළිවිය.

මෙහිදී ජනපතිවරයා සඳහන් කර ඇත්තේ නීති විරොධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි විවෘත සටනක් මේ වන විට තම නායකත්වයෙන් ශ‍්‍රී ලංකාව තුළ කි‍්‍රයාවට නංවා තිබෙන බවයි. භූගෝලීය පිහිටීම අනුව නිතීවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ශ‍්‍රී ලංකාව සුවිශේෂී හුවමාරු මධ්‍යස්ථානයක් වී ඇතැයි මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා නීති විරෝධී මත්ද්‍රව්‍ය ශ‍්‍රී ලංකාවට ගෙන එම වැළැක්වීම වෙනුවෙන් සියලු මිත‍්‍ර රටවල සහය අපේක්ෂා කරන බව ද පැවසීය.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතා ගෙන යන ප‍්‍රබල සටන මෙහිදී ඇගැයීමට ලක් කළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ තම පිලිපීන රාජ්‍ය සංචාරය සිදු වූයේ ද ඔහුගේ සේවාවට සිදුකරන ගෞරවයක් ලෙස බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම ලෝකයේ බොහෝ රටවලට ප‍්‍රබල අභියෝගයක් වුව ද ඒ සඳහා නිසි පියවර නොගන්නේ ඇතැම් දේශපාලනඥයන් ද ඊට සම්බන්ධවීම හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මත්ද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙළේ දී පවතින විශාල ගැටලුවක් බව කියා සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න