සෞදියේ රඳවා සිටින ලාංකික කාන්තාවන් 49 ගැන කාර්යාංශය කරුණු දක්වයි !

සෞදියේ රඳවා සිටින ලාංකික කාන්තාවන් 49 ගැන කාර්යාංශය කරුණු දක්වයි !

සෞදි රාජ්‍ය විසින් පවත්වාගෙන යන මෙම සුභසාධන මධ්‍යස්ථාන තුළ ශ්‍රි ලාංකික කාන්තාවන් ඇතුළු වෙනත් රටවල කාන්තාවන් 500ක් පමණ දෙනෙකු මේ වන විට රැදී සිටින අතර, ඔවුන් එම මධ්‍යස්ථානය තුළ රදවාගෙන සිටින්නේ එක් එක් කාන්තාවන්ට අදාළ වන ගැටළු විසදා නැවතත් අදාල සේවා ස්ථාන වෙත යොමු කිරීමට හෝ ආපසු අදාල රටවල් වෙත ඔවුන් පිටත් කර හැරීමට වන බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

විද්‍යුත් හා වෙනත් සමාජ ජාලා තුළින් සෞදි අරාබියේ කාන්තා සුභසාධන මධ්‍යස්ථානයේ (WWC) රදවා සිටින ශ්‍රි ලාංකික කාන්තාවන් 49 දෙනා සම්බන්ධයෙන් පළවූ වාර්තාව පිළිබදව පැහැදිලි කිරීම සදහා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කෙරිණ.

එහිදී නිකුත් කල මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

සෞදි රජයේ පවතින නීති රීති අනුව තානාපති කාර්යාලයේ රැකවරණයට පැමිණෙන කාන්තාවන්ගේ ගැටළු නිරාකරණය කර විසදුම් ලබාදීම සදහා මෙම මධ්‍යස්ථාන වෙත යොමුකිරීම අත්‍යාවශ්‍ය වේ. නමුත් තානාපති කාර්යාලයට පැමිණෙන කාන්තාවන් එම අවස්ථාවේදී නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ වී ඇත්නම් සෘජුවම තානාපති කාර්යාලය හරහා ගෙන්වා ගැනීමට කටයුතු කරයි.

කාන්තා සුභසාධන මධ්‍යස්ථානය වෙත කාන්තාවන් යොමු කරන්නේ මූලිකවම තානාපති කාර්යාලය හරහා මෙන්ම සෞදි පොලිසිය මගින් විවිධ හේතු මත අත්අඩංගුවට ගන්නා කාන්තාවන්ය. මෙහි

වැදගත්ම කරුණ වන්නේ පොලිසිය මගින් යොමුකරන කාන්තාවන්ගෙන් 80% දෙනා විවිධ නීති විරෝධි කටයුතුවලට සම්බන්ධ කාන්තාවන් වීමය.

රියාද් නගරයේ පිහිටි මෙම මධ්‍යස්ථානයට අමතරව සෞදියේ දමාම්, ජෙඩා, සකාකා, කාහිල්, අරාල් වැනි ප්‍රධාන නගරවලද මෙවැනි මධ්‍යස්ථාන පවතින නමුත් ඒවායේ ඉතා සුළු ශ්‍රි ලාංකික කාන්තාවන් ප්‍රමාණයක් සිටින අතර මූලිකවම රියාද්හි පිහිටි මධ්‍යස්ථානයේ පමණක් ලාංකික කාන්තාවන් 49 දෙනෙකු සිටිති.

සෞදි රජය විසින් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානයේ දීර්ඝ කාලයක් රැදී සිටින කාන්තාවන්ගේ හිග වැටුප් හා ගුවන් ටිකට්පත් ලබාගැනීමට ඇති ගැටළු පිළිබදව සෞදි රජය මැදහත්වී ඔවුන්ගේ හිග වැටුප් හා ගුවන් ටිකට්පත් ලබාදී තම රටවලට යැවීමට කටයුතු කරයි. එසේ කාන්තාවන් පිටත් කර හැරීමට කටයුතු කිරීමේදී යම් යම් කාල සීමාවල ගුවන් ටිකට්පත් මිළට ගැනීමේදී ඇතිවන අපහසුතා හේතුවෙන් ඔවුන් පිටත්කර හැරීම ප්‍රමාදවීම ප්‍රායෝගික ගැටළුවක්ව ඇත. කෙසේ වුවද සෞදි රජය විසින් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානයෙන් කාන්තාවන් පිටත් කර හැරීමට කටයුතු කරන්නේ අවශ්‍ය සියළු නෛතික හා අනෙකුත් කටයුතු සියල්ල අදාළ ක්‍රමවේදයන්ට අනුව සම්පූර්ණ කිරීමෙන් පසුව වන අතර, එම මධ්‍යස්ථාන සියළු පහසුකම් වලින් සමන්විතව පවත්වාගෙන යන අතර ඒ බව වැඩිදුරටත් සදහන් කරමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න