පළාත් සභා මැතිවරණය කඩිනම් කරගන්න : සිරිසේනගෙන් කැබිනට් පත්‍රිකාවක් !

පළාත් සභා මැතිවරණය කඩිනම් කරගන්න : සිරිසේනගෙන් කැබිනට් පත්‍රිකාවක් !

සියළුම පළාත් සභා එකම දිනයක කඩිනමින් පැවැත්වීම සඳහා යෝජනා කරමින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපති සිරිසේන සූදානම් වන බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙන ආකාරයට මේ වනවිට විසුරුවා නැති පළාත් සභා තුනද ඉක්මනින් විසුරුවා පළාත් සභා 9ම මැතිවරණ එකවර පැවැත්වීම සඳහා කැබිනට් තීරණයක් ගැනීම ගැනීම ජනාධිපති සිරිසේනගේ අපේක්ෂාව වී තිබේ.

තවදුරටත් වාර්තා වන්නේ අප්‍රේල් මස අග හෝ මැයි මස ආරම්භයේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ද ජනාධිපතිගේ බලාපොරොත්තුව වන බවය.

තවද මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව එළඹෙන අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ සමඟ ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීමට ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් දැනුවත් කර ඇති බවත් එම ආරංචිමාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න