රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය ලසන්ත අලගියවන්නට !

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය ලසන්ත අලගියවන්නට !

08 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සැසි වාරය සඳහා පත් කල රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා තේරී පත්ව තිබේ.

ඒ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 06 දී රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද(23) පස්වරුවේ පැවතී අවස්ථාවේ දීය. 

අදාළ ගිණුම් කාරක සභාව නියෝජනය කරන සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූ අතර එහි විශේෂත්වය වන්නේ ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයට සභාපතිත්වය ලබා දීම සඳහා වන යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කිරීමයි.

එය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා විසිනි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පුර්ණ සහය පල කළේය.

මීට පෙර අටවෙනි පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරයේ ද ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න