බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමට බි‍්‍රතාන්‍ය මහේස්ත‍්‍රාත් අධිකරණයක් නිකුත් කළ තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇතැයි වාර්තා වෙයි.
බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය හිමි බැවින් බි‍්‍රතාන්‍ය නීතිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවත් විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ එහිදී මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයාට පෙන්වා දී ඇති බවද වාර්තා වෙයි.
එබැවින් මේ පිළිබඳව කරුණු සමාලෝචනය කොට බි‍්‍රතාන්‍ය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයිද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් ට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාව කටයුතු කරමින් සිටියදී එරට ‘1986 අංක දරණ මහජන සාමය පිළිබඳ පනත’ උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ‘මහජන ලැදියාවන් පිළිබඳ නීති මධ්‍යස්ථානය (පබ්ලික් ඉන්ටරෙස්ට් ලෝ සෙන්ටර්) පැමිණිල්ලක් සිදු කර තිබිණි.
එම පැමිණිල්ල සළකා බලා ඇති ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගන්නැයි නියෝග කරමින් වරෙන්තුවක් නිකුත් කර ඇත.

