එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගොවිජන සහන ණය ක්‍රම : ගොවීන් දැනුවත් කිරීම 28 දඹුල්ලෙන් ඇරඹේ !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගොවිජන සහන ණය ක්‍රම : ගොවීන් දැනුවත් කිරීම 28 දඹුල්ලෙන් ඇරඹේ !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ගොවිජන සහන ණය ක්‍රම පිළිබඳ ගොවිජනතාව දැනුවත් කිරීමේ සමාරම්භක උත්සවය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, කෘෂිකර්ම ඇමැති පී. හැරිසන්, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් එළඹෙන සඳුදා (28) දඹුල්ලේදී පැවැත්වීමට නියමිතය.

සැපයැපුම් කෘෂිකර්මාන්තයෙන් වාණිජ කෘෂිකර්මාන්තය දක්වා ගොවි ජනතාව ඔසවා තැබීමට උරදෙන රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රම අතර කැපී පෙනෙන “රන් අස්වැන්න”, “ගොවි නවෝදා”, “ජය ඉසුරු” හා තවත් ණය යෝජනා ක්‍රම පිළිබඳව ගොවි ජනතාව දැනුම්වත් කිරීම එතැන් සිට ක්‍රියාත්මක අතර එම උත්සවය දඹුල්ල, රජමහා විහාර භූමියේ මැද පන්සල අසල පිහිටි පිරවෙන්වැව පරිශ්‍රයේදී පෙරවරු 10.00 ට පැවැත්වේ.

රජය විසින් 2018 ඇරඹී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම යටතේනව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීමට ඉලක්ක කොට ඇත.

IMG 20190124 WA0000

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න