මාර්තු මස 01 දින වනවිට විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.
එසේම හදිසි විදුලිය මිලදීගැනීම් හැකිතාක් අවම කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
රවී කරුණානායක අමාත්‍යවරයා මේ බව සඳහන්කර ඇත්තේ කුඩා සූර්යබල කර්මාන්තකරුවන්ගේ සහ සැපයුම්කරුවන්ගේ සංගමය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
" පසුගිය වසර 03 ක් තිස්සේම සැලකිය හැකි මට්ටමේ විදුලි ජනන කටයුත්තක් සිදුවෙලා නැහැ. වහල පියසි මත සවිකර ඇති සූර්ය පැනල මගින් උත්පාදිත විදුලිය පමණයි ජාතික පද්ධතියට අමතර වශයෙන් එකතු වී තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් හැකිතාක් අවධානය යොමුකර මාර්තු මස 01 දින වනවිට විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුවට නව ප්‍රතිපත්තියක් හදුන්වාදීමට කටයුතු කරනවා"

