වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700ක් දක්වා වැඩිකිරීමට වැවිලි සමාගම් හා වතුකම්කරු වෘත්තිය සමිති එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.
ඊයේ (25) දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවකදී මෙම එකඟත්වය ඇතිකරගෙන තිබෙන අතර ඒ අනුව රුපියල් 500 ක්ව පැවැති දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට නියමිතය.
එසේම එළඹ ඇති එකඟතාව අනුව වැටුපට අමතරව තවත් රුපියල් 50ක දෛනික දීමනාවක් ද වැඩිපුර කඩන දළු සඳහා මෙතෙක් ගෙවූ කිලෝවකට රුපියල් 25 ක මුදල රුපියල් 40 ක් දක්වා වැඩිකිරීමට ද වැවලි සමාගම් එකඟ වී තිබේ.
නව එකඟතා සහිත සාමූහික ගිවිසුමට සඳුදා (28) අත්සන් කිරිමට නියමිත බවද වාර්තා වෙයි.

