පාර්ලිමේන්තුව වැනසූ මන්ත්‍රී ලැයිස්තුව පිටවේ !

පාර්ලිමේන්තුව වැනසූ මන්ත්‍රී ලැයිස්තුව පිටවේ !

ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයට සහය දෙමින් නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඇතිකළ ගැටුම්කාරී තත්ත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව, ඒ සඳහා පත්කළ විමර්ශන කමිටුව කතානායකවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් වන බව වාර්තා වෙයි.

අදාළ වාර්තාව පසුගිය 22 වනදා කතානායකවරයා වෙත ලබාදී ඇති බවත් ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් එම වාර්තාව ඉදිරියේදී නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

විමර්ශන කමිටුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චමල් රාජපක්ෂ සහ චන්ද්‍රසිරි ගජධීර, ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක, දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා ඇතුලත් කර පත්කරනු ලැබුවේ කතානායකවරයා විසින් වන අතර නමුත් චමල් රාජපක්ෂ සහ චන්ද්‍රසිරි ගජධීර එම කමිටුවේ කටයුතු සඳහා සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබිණ.

කෙසේ නමුත් මේ වන විට ලබාදී ඇති වාර්තාවේ චෝදනා ලැබූ මන්ත්‍රීවරුන් 59ක් සිටින අතර ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 ක්, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 4 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු සිටින බවද දැනගන්නට ඇත.

මෙම මන්ත්‍රීවරුන් 59 දෙනා අතරින් විවිධ චෝදනා යටතේ මෙම වාර්තාවේ වැඩිම වාරයක් නම සඳහන් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ගේ බවත් චෝදනා 12 කට ඔහුගේ නම සඳහන් වී ඇති අතර ඉන් අනතුරුව වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාට බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න