රවිරාජ් ඝාතන නඩුව යළිත් විභාගයට !

රවිරාජ් ඝාතන නඩුව යළිත් විභාගයට !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ ඝාතන නඩුව යලි විභාග කරන ලෙස හිටපු මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම ලබන අප්‍රේල් මස 04 වැනිදා විභාගයට ගැනීමට පාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඊයේ (30) නියෝග කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කිරීම සම්බන්ධ නඩුවට අදාල විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් ජූරි සභාව විසින් ලබාදුන් තීන්දුව බල රහිත කොට, ජූරි සභාවක් නොමැතිව එම නඩුව යලි විභාගයට ගන්නා ලෙස ප්‍රතිශෝධන පෙත්සම ගොනුකර තිබේ.

පෙත්සමට අදාල දෙවැනි වගඋත්තරකරු වන නාවික ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා මේවනවිට බන්ධනාගාර ගතව පසුවන බැවින් නීතීඥවරයෙකු ඉදිරිපත් කිරීමට මාස දෙකක පමණ කාලයක් ලබාදෙන ලෙස, ඔහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පැවසීය.

ඒ අනුව අභියාචන පෙත්සම අප්‍රේල් මස 4 වැනිදා කැඳවීමටත් එදිනට නීතීඥවරයෙකු ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දුන්නේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පිළිබඳ නිසි සැළකිලිමත් වීමකින් තොරව ජූරි සභාවක් පත්කර ඇති අතර එමඟන් තමන් අගතියට පත්ව ඇතැයි පෙත්සමේ දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න