ත්‍රීපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනය කරන කතාව බොරුවක් !

ත්‍රීපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනය කරන කතාව බොරුවක් !

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු විදේශීය රටවලින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත් බවත්, එමගින්“සේනා” දළඹුවා ශ්‍රී ලංකාවට පැමිණි බවට ඇතැම් විපක්ෂ දේශපාලනඥයින් මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශ පදනම් විරහිත බව ශ්‍රී ලංකා ත්‍රීපෝෂ ලිමිටඩ් හි සභාපති බී.ජී.එස් ගුණතිළක මහත්මිය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට ත්‍රීපෝෂ නිෂ්පාදනය සදහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්ට්‍රික්ටොන් 12,000 ක් සහ සොයා බෝංචි ටෙට්ට්‍රික් ටොන් 6000 ක අවශ්‍යතාවයක් පවතී. මෙම අවශ්‍යතාවය සපුරාගනු ලබන්නේ අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන මගින් වන අතර, මේ සදහා 2018 මැයි 23 දින පුවත් පත් දැන්වීම් පළ කොට ජාතික තරඟකාරි ලංසු කැඳවන ලදි. ඒ සදහා ලැබුණු ලංසු දෙක තාක්ෂණික ඇගයීම් කමිටුවට යොමු කර අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව වෙත ඉදිරිපත් කරන ලදි. තාක්ෂණික ඇගයීම් කමිටුවේ ද නිර්දේශය ද සළකා අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම ප්‍රසම්පාදනයේ අවම ලංසුකරුවන් වන දේශීය සමාගමට ටෙන්ඩරය පිරිනමන ලදි.

දේශීයව බඩඉරිඟු නිෂ්පාදනයේ නිරත සමාගමක් වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනැමීම මගින් දේශීය බඩඉරිඟු වගාවේ නිරත ගොවීන්ගේ ආර්ථීකය නගා සිටුවීම මෙම ටෙන්ඩරය පිරිනැමීමේ පදනම ලෙස සළකා ක්‍රියා කර ඇත. මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී එම ලංසුව සමග දේශීයව බඩඉරිඟු ලබාගැනීමට දේශීය සැපයුම්කරුවන්ට පමණක් ඉදිරිපත් විය හැකි පරිදි ඒ බව තහවුරු කර ගැනිමට අවශ්‍ය සජීවී බඩඉරිඟු තොඟ වගාවන් සම්බන්ධ ගොවීන්ගේ නාමලේඛණය සහ ගොවි සංවිධානවල නාමලේඛණ පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කර ඇත.බඩඉරිඟු තොඟ පිටරටින් ආනයනය කිරීම සදහා මෙම කැබිනට් තීරණයෙන් කිසිදු ඉඩකඩක් ලබා දී නොමැත.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න