Image

සිංහරාජයේදී ඇල්ලුවේ ජාන මංකොල්ලකරුවන්ද ?

සිංහරාජයේදී ඇල්ලුවේ ජාන මංකොල්ලකරුවන්ද ?

සිංහරාජ වනය තුළ ජාන මංකොල්ලයේ යෙදුන විදෙස් ජාතිකයන් පස් දෙනෙකු නිලධාරීන් විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් එකතු කරන ලද ජීවීන් ප්‍රමාණය මෑත ඉතිහාසය තුල අත්අඩංගුවට ගන්නා ලද විශාලතම ප්‍රමාණය බවද වාර්තා වෙයි.

මෙම ජීවීන් අතර එම අවස්ථාවේදීත් ජිවී සතුන් ද විශාල ප්‍රමාණයක් සිටි බවත් තවද බීජ සහ ශාක කොටස් ද ඒ අතර වූ බැවින් වැටලීමට සහභාගීවූ වන සංරක්ෂණ නිලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දරා එම සතුන් වර්ග කිරීමට සිදුවූ බවත් වාර්තා වෙයි.

අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයන් Slowakin ජාතිකයන් වේ. මින් එක් පුද්ගලයකු අට වතාවක් පමණ ලංකාවට පැමිණ තිබෙන බවද දැනගන්නට තිබේ.

මෙම පුද්ගලයන් මාටින් ලොජ් හී නවාතැන් ගෙන මෙම ජාන මංකොල්ලයේ නිරතව ඇති බවද අනාවරණය වී ඇත.
මේ වන විට ලැබීඇති වාර්තා අනුව අදාළ සත්ව සහ ශාක නාමාවලිය සහ ප්‍රමාණයන් මෙසේය.

01. වන්දො 09 (ප්‍රාණවත්)
02. හැකරැල්ලන් 04 (ප්‍රාණවත්)
03.ගෝනුස්සන් 03
04.කෝටූ කිතයියන් 22
05.රෑ බදුල්ලන් 07
06.බිං උරන් 05
07.අදුන්වැන්නො 04
08.පත්තෑයන් 01
09.වන්දො 03
10.පළගැටියො 11
11.බත්කූරා 34
12.කුරුමිණියෝ (විවිධ වර්ග) 07
13.මකුළු වැද්දන් 01
14.රන්කුඹල්ලෝ 10
15.කැරපොත්තා 07
16.කුරුමිණියෝ (ලොකු) 26
17.කුරුමිණියෝ (පොඩි) 132
18.ටික්කො 01
19.රා බල්ලෝ (ලොකු කූඹි) 11
20.දිවි මකුළුවන් 01
21.සමනලුන් 68
22.සමනලුන් 67
23.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 102
24.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 98
25.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 90
26.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 88
27.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 100
28.සලබයින් /බිත්තර සහිත 01 (ප්‍රාණවත්)
29.සමනලුන් වර්ග අඩංගු පාර්සල් 24
30.සමනලුන් බදුන් 01 (ප්‍රාණවත්)
31.සත්ව කෝෂ 02ක් අඩංගු කවර 01
32.රන්කුඹල් කෝෂ සහිත ගෙය 01
33.බීජ වර්ග
34.කුඩා හක්ගෙඩි 01, බූ වල්ලෙකුගෙ කොටස්,ඉකිරියන් 05
35.හදුනා නොගත් කුඩා කෘමීන් අඩංගු බදුන් 01වඳවී යන සතුන් වර්ග ඇතුලුව කෘමී සතුන් සහස් ගණනක් හා ශාක කොටස් රැසක්ද සිංහරාජ වනාන්තරයෙන් පිටතට ගෙනයාමට තැත්කළ ස්ලෝවැකියානු ජාතිකයන් 5දෙනෙකු වන සංරක්ෂණ නිලධාරීන් විසින් අද (02) පෙරවරුවේ සිංහරාජ කුඩව පිවිසුමේදී අත්අඩංගුවට ගනුලැබ ඇත.

 මීට දින 3කට පමණ පෙර මෙම විදේශිකයන් පස් දෙනා සිංහරාජ ප්‍රදේශයේ ලැගුම් හලකට පැමිණ ඇත. වාහන කුලියට දෙන ආයතනයකින් කුලී පදනම මත රියදුරු රහිතව වෑන් රථයක් කුලියට ලබාගෙන එහි පැමිණ ඇත. ප්‍රවේශපත්‍ර ලබාගෙන මීට දින 2කට පෙර මාර්ගෝපදේශකයෙකු සමග සිංහරාජ වනාන්තරය නැරඹීමට ගොස් ඇති මෙම විදේශිකයන් දින 3ක කාලයක සිංහරාජ වනාන්තරයට පිවිසෙන ප්‍රධාන ද්වාරය අසල පුද්ගලික ලැගුම්හලක නැවතී සිට ඇත.

මොවුන් සිංහරාජ වනාන්තරයට ඇතුලුවීමට ප්‍රවේශපත් ලබාගැනීමේ දී මාර්ගෝපදේශකයෙකුගේ සහාය මුලින් ප්‍රතික්‍ෂේප කර ඇත. ඒ සම්බන්‍ධයෙන් සැක සිතූ ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානයේ සහ සිංහරාජ වනපාලක කාර්යාලයේ නිලධාරීන් මොවුන් ගැන විශේෂ අවධානයකින් පසුව ඇත.

ලැගුම්ගෙන සිටි ලැගුම්හලේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි තවත් ලැගුම්හලකට ඊයේ (01) රාත්‍රී ගිය මෙම විදෙස් සංචාරකයන් පස්දෙනා මත්පැන් සාදයක් එහි පවත්වන බවට ලද තොරතුරක් අනුව වනසංරක්‍ෂණ නිලධාරීහු අවධානයෙන් සිටියහ.

වෙරිමත්වූ ස්වරූපයක් පෙන්වා පැමිණි වෑන් රථය සාදය පැවැත්වූ ලැගුම්හලේ තබා පා ගමනින් නැවති සිටි ලැගුම්හලට ඊයේ (01) රාත්‍රී ගොස් ඇත. මොවුන්ගේ හැසිරීම සම්බන්‍ධයෙන් සැකසිතූ වන සංරක්‍ෂණ නිලධාරීන්ට අද (02) උදේ සෆාරි ජීප් රියකින් වෑන් රථය නවතා තිබූ ලැගුම්හලට එන විදේශිකයන් හතරදෙනක් හමුවී ඔවුන් පිළිබඳ පරීක්‍ෂාකර තිබේ.

 මේ වනවිටත් තර්ජනයට ලක්ව ඇති දුර්ලභ සමනලුන් විශේෂ 3ක් ඇතුලුව ගෝනුස්සන්, හැකරැල්ලන්, බඹරුන්, දෙබරුන්, කණාමැදිරියන් වැනි සතුන් දහස් ගණනක් ඔවුන් සතුව තිබූ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

එමෙන්ම විවිධ බීජවර්ග හා ශාක කොටස් විශාල ප්‍රමාණයක්ද ඔවුන් සතුවී යැයි පැවසූ එම නිලධාරියා සතුන් අතර ජීවී සතුන් මෙන්ම, මියගිය සතුන්ද සිටි බව සඳහන් කළේය. සිංහරාජ වනාන්තරය තුළින් මෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එකතු කරගත් ශාක හා සත්ව කොටස් ඒ අතර වූ බව හෙතෙම සඳහන් කළේය.

විනෝදයට මේවා එකතු කළ බව ඔවුන් වනසංරක්ෂණ නිලධාරීන්ට පවසා තිබේ. කෙසේවෙතත් අදාල පුද්ගලයන් 5 දෙනා රඳවාගෙන ප්‍රශ්න කරන බවත්, ඔවුන් සතුව තිබූ දෑ අත්අඩංගුවට ගෙන කලවාන වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේදී මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් සිටින බවද ඔහු පැවසීය.{gallery}sinharaja_animal{/gallery}

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න