මධුෂ්ගේ සාදයේ සිටි රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ර හිමියා ගැන හෙළිවේ !

මධුෂ්ගේ සාදයේ සිටි රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ර හිමියා ගැන හෙළිවේ !

ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් අතර සිටි රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ර හිමියා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවට තොරතුරු අනාවරණය වෙයි.

ආරක්ෂක අංශ ආරංචිමාර්ග මේ බව සඳහන් කරන අතර අදාළ මන්ත්‍රීවරයා හා ජාතික තලයේ දේශපාලනඥයකුට ඇති ඥාති සම්බන්ධයක් ගැනද තොරතුරු ලැබී ඇති අතර ආරක්ෂක අංශ ඒ සම්බන්ධවද අවධානයෙන් සිටින බවත් වාර්තා වෙයි.

එසේම මධුෂ්ගේ සාදයේදී අත්අඩංගුවට පත්වූ බන්ධනාගාර නියාමකවරයාද කඹුරුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් ඔහු කළුතර බන්ධනාගාරයේ සේවය කරමින් සිටිය දී රිය අනතුරකට ලක්වී ආබාධිතවී කිහිලිකරු පාවිච්චි කරමින් සිටි අයකු බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න