සිරිසේනගේ නිදහස් දින කතාව නින්දිතයි - දඹර අමිල හිමිගෙන් චෝදනා !

සිරිසේනගේ නිදහස් දින කතාව නින්දිතයි - දඹර අමිල හිමිගෙන් චෝදනා !

ජනාධිපති සිරිසේනගේ නිදහස් දින කතාව රටේ ජාතික අභිමානයට අවමන් කළ කුජීත ප්‍රකාශයක් බව පූජ්‍ය දඹර අමිල හිමියන් අවධාරණය කරයි.

රටේ අභිමානය ලොවට කියාපාමීන් ලොවේ අවධානය රටට දිනා ගැනීමට කටයුතු කිරීම නිදහස් දින උළෙලක සිදුවිය යුත්තක් වූ නමුත් ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මිරිස් කුඩු ගසා ගැනීම, කතානායක පුටුවට වතුර දැමීම ආදී කතා කියමින් තමන් පමණක් සුදනා වීමට යාම නිසා රට සම්බන්ධ නරක චිත්‍රයක් නිදහස් දිනදාත් විදෙස් රාජතාන්ත්‍රිකයන් වෙත යැවුණු බවද උන්වහන්සේ පෙන්වා දුන්නේය.

පුජ්‍ය දඹර අමිල හිමියන් මේ බව සඳහන් කර සිටියේ පසුගියදා පැවති සාකච්ඡා සභාවක් අමතමින්ය.

ජනාධිපති සිරිසේන දේශපාලන කුමන්ත්‍රණයක් දියත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඒකමතික නඩු තීන්දුවක් දී ඇති මොහොතක පවා අදටත් සිරිසේන ජනාධිපති ලෙස ඉන්නේ ආණ්ඩුවේ අනුකම්පාව සහ සිවිල් සමාජය ඇතුළු ජාතික ව්‍යාපාරයේ දුර්වලතාව නිසා බවත් එසේ නොමැති වන්න ඔහු ජනාධිපති නොවන බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

එවැනි ජනාධිපතිවරයෙක් නිදහස් දිනය දවසේ රටම අපකීර්තියට පත්කිරීම සම්බන්ධව එහිදී දඹර අමිල හිමියන්ගේ දැඩි විවේචනයට ලක්වූ අතර තමන් ජනාධිපතිව සිටියානම්, රට මේ වන විට ජාතික සමඟිය වෙනුවෙන් කටයුතු කරන ආකාරය, ආගම්වාදී කළකෝලාහල සඳහා දැන් රාජ්‍ය අනුග්‍රහය නොමැති බව, මිනිසුන් අතුරුදහන් නොවන බව, මාධ්‍ය නිදහස සහතික කර ඇති බව, ඉදිරි සංවර්ධන උපාය මාර්ග ආදිය ඇතුළත් සුද්දාගේ නැති මවිල් පවා කෙලින් වෙන නිදහස් දින දේශනයක් කරන බවද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න