අලුගෝසු තනතුර සඳහා ලබන සඳුදා (11) සිට අයැදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ලබන 25 වන දා තෙක් අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කළ හැකියාව තිබෙන අතර මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවත් එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අතර එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට අදාළ වෙනත් උපකරණ ලබා ගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.

