සේනා දළඹු උවදුර මේ වන විට සාර්ථකව පාලනය කර ඇති බැවින් යල කන්නයේ බඩ ඉරිඟු වගාව යළි නොබියව ආරම්භ කළ හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව් .එම්. ඩබ්ලිව්. වීරකෝන් පවසයි.
මේ අනුව ඉදිරි යල කන්නයේ හෙක්ටයාර 15,000ක භුමි ප්‍රමාණයක බඩඉරිඟු වගා කිරීමට අපේක්ෂිත බවද ඔහු සඳහන් කරන අතර සේනා දළඹු උවදුර නිසා සිදුවූ වගා හානිමේ වන විට ගණනය කරන අතර එහි කටයුතු 60%ක් පමණ අවසන් වී ඇති බවත්මේ වගා හානි පිළිබඳ අවසන් තොරතුරු මෙම 10 දා පමණ වන විට ලබා ගත හැකි වෙතැයිද අවධාරණය කරයි.
පසුගිය නොවැම්බර් මාසයේ වගා කළ බඩ ඉරිඟු වගාවන්හි අස්වැන්න නෙළිම ඉදිරි කාලයේදී සිදු කෙරෙන බවද අනුරාධපුරය,අම්පාර,මොණරාගල ,කුරුණැගල,ත්‍රිකුණාමලය ,යාපනය දිස්ත්‍රික්කවල සේනා වගා හානි පිළිබඳව වාර්තා මේ වන විට ලැබී ඇති බවද ඒ මහතා කියයි.
ඒකාබද්ධ පළිබොධ නාශක ක්‍රම අනුගමනය කිරීම ,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කෙරෙන නිති දැනුවත් කිරීම් නිසා මෙවර යල කන්නය තුළ බඩ ඉරිඟු සාර්ථකව වගා කළ හැකි වන බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

