අමල්ගේ කොපු දෙකක් සහ රයන්ගේ තරාදිය පොලිස් අත්අඩංගුවේ !

අමල්ගේ කොපු දෙකක් සහ රයන්ගේ තරාදිය පොලිස් අත්අඩංගුවේ !

මාකඳුරේ මධුෂ්ගේ සාදයේ සිටියදී අත්අඩංගුවට පත්වූ රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල පිහිටි නිවස පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (07) පරීක්ෂා කර ඇති අතර එහිදී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ සම්බන්ධව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රයන් වෑන් රෝයන්ගේ සොයුරාද අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර, ගායක අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවසද ඊයේ පරීක්ෂා කර ඇති අතර එහිදී කොකේන් හිස් කොපු දෙකක් සොයාගත් බවද පොලීසිය සඳහන් කරයි. එම අවස්ථාවේ අමල් පෙරේරාගේ සොයුරු සොහාන් පෙරේරා අත්අඩංගුවට පත් වූ බව පැවසුණද ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා ඊයේ රාත්‍රී 8.30ට පමණ සජීව පණිවුඩයක් තබමින් කියා සිටියේ තමන් අත්අඩංගුවට පත්නොවූ අතර, සිය සොහොයුරා වන අමල් පෙරේරාගේ කාමරයේ තිබී හිස් කොකේන් කවර දෙකක් සොයාගත් බවත්, පැමිණි නිලධාරීන් තමන් සමග සුහදව කතා කර නිවස පරීක්ෂා කර නැවත ගිය බවත්ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න